දරුණු භූමිකම්පාවකට ලක්වූ ක්රොයේෂියාවට යලිත් වරක් දරුණු පසු කම්පන කීපයක් සිදුවී තිබේ. මෙම පසුකම්පන අතර ඒකක 4.8 ක් හා ඒකක 4.7 භූකම්පන දෙකක්ද වෙයි. මෙම පසුකම්පන හේතුවෙන් තවත් නිවාස හා ගොඩනැගිලි කඩාවැටී තිබේ. මෙම භූමිකම්පාව හා පසු කම්පන වලින් පෙට්රින්ජා නගරයේ අඩකට වඩා විනාශ වී තිබේ.මේ හේතුවෙන් එම නගරයේ ජනතාව තාවකාලික නවාතැන් වෙත යවා තිබේ.