27 C
Colombo
07/11/2024

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිරයන වාර්තා අසත්‍යයි – අලි සබ්රි

Share with your friends :

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු එම වාර්තා බැහැර කර ඇත.
කෙසේ වෙතත් අද දහවල් පැතිර ගිය පුවතකින් කියැවුනේ ඇමති සබ්රි මහතා සිය ඇමති ධුරයෙන් ඉවත් වීමට තීරණය කල බවය.
කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය සම්බන්ධ ප්‍රශ්නයේදී මුස්ලිම් සමාජයෙන් ඔහුට හා ඔහුගේ පවුලේ සමීපතමයන්ට එල්ල වන පීඩනය මත ඔහු ධුරයෙන් අස් වන්නට තීරණය කල බව පැවසේ.

Share with your friends :