27 C
Colombo
19/01/2025

සවුදි කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ලබාදුන් ලොජේන් මාස 68ක් සිරගෙට

Share with your friends :

සවුදි අරාබියේ කාන්තාවන්ට රථ වාහන ධාවන අයිතිය හිමිකරදීම සඳහා කටයුතු කල ප්‍රබල කාන්තා ක්‍රියාකාරිනියක වන ලොජේන් අල් හත්ලෝල් හට එරට අධිකරණයක් විසින් අවුරුදු මාස 68 ක සිරදඬුවම් නියම කර තිබේ.
31 හැවිරිදි ලොජේන් අල් හත්ලෝල් 2018 වසරේ සිට වසර දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ සවුදි රජය විසින් සිරගත කර තිබේ. ඇය නිදහස් කරන ලෙස ලොව පුරා මානව හිමිකම් සංවිධාන විසින් සවුදි රජයට බලකරමින් සිටින අතර තුර මෙම නව සිර දඬුවම් නියම කර තිබේ. ජාතික ආරක්ෂාවට හානි සිදුකිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා ගනනාවක් ඇයට එරෙහිව එල්ලවී තිබේ. එම සියලු චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
2018 වසරේදී සවුදි කාන්තාවන්ට රිය ධාවන අයිතිය හිමිවූ අතර ඊට සති කීපයකට පෙර ඇය අත්අඩංගුවට පත් විය. ඇයට බන්ධනාගාරයේදී දරුණු වධ හිංසා ලබාදී ඇති අතර මුල් මාස තුනේදී ඇයගේ පවුලේ අය සමග කතා කරන්නට පවා අවස්ථා ලැබුනේ නැත. ඇයට ලිංගික වධ හිංසා පමුණුවා ඇති අතර ඊට අමතරව විදුලි සැර වද්දවා තිබේ. ඇයට වද දීම හා සිර දඬුවම් පැනවීම සම්බන්ධයෙන් චෝදනා නැගෙන්නේ තුර්කියේ වසුදී කොන්සල් ජනරාල් කාර්යාලය තුලදී කුඩා කැබලිවලට කපා ඝාතනය කෙරුණු සවුදි මාධ්‍යවේදී ජමාල් කශෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා නැගෙන සවුදි ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන්ටය. මෙම තත්වය එරටට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති චෝදනා වලට ඉතාම අහිතකර ලෙස බලපානු ඇත.

Share with your friends :