27 C
Colombo
19/01/2025

රුසියානු සංචාරකයන් රැගත් පළමු ගුවන් යානය මත්තලට

Share with your friends :

කොරෝනා වසංගත ත්තත්වය සමග විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 186 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
යුක්රේනයේ ස්කයි අප් ගුවන් සේවයේ ( Sky Up Air Line ) පී.කිව්.555 දරන ගුවන් යානය යුක්රේනයේ කයිව් නගරයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල පසුගිය මාර්තු 19 වෙනිදා සිට සංචාරකයන් සඳහා වසා දමා තිබිණි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හා මගී හුවමාරු කටයුතු සඳහාත් පමණි.ගුවන්තොටුපල විවෘත කල යුතු බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් දිගින් දිගටම රජයට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නියමු ව්‍යාපෘතියක් ලෙස ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය තීරණය කරන ලදී. ඊට අඳාලව සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා වීසා අයදුම් කිරීමේ සිට මෙරටට පැමිණ ආපසු සිය රට බලා යාම දක්වා කාලය තුල අනුගමනය කල යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ සකස් කර සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට යොමු කල අතර ඇමතිවරයා එය ගුවන්තොටුපල හා සංචාරක සංවර්ධන අධිකාරියේ බලධාරීන්ට යොමුකර තිබේ.
දිවයිනට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායම පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කෙරුනු අතර ඔවුන්ට අඳාල හෝටල් වල ලැඟුම් ගැනීමට පෙර තවත් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කෙරිණ. ඉදිරි දින 07 තුල ඔවුන්ට යළි පී.සී.ආර්.පරීක්ෂාවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඔවුන් දින 10ක් මෙරට තුල රැඳී සිටීමට නියමිතය. කොග්ගල ප්‍රදේශයේ වෙරලාශ්‍රිත ප්‍රදේශවල ඔවුන් ලැඟුම්ගන්නා අතර එම ප්‍රදේශවාසීන්ට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ වලට යාමට ඉඩනොලැබේ.
ජනවාරි 24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර එම කාලය තුල රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් වලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිතය. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ ආකාරයට ගුවන් යානා 13 ක් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගෙන ඒමට නියමිත අතර එම යානා සඳහා ගුවන්තොටුපල ගාස්තු අය නොකෙරේ.

Share with your friends :