ක්‍රෝයේෂියාවේ දරුණු භුමිකම්පාවක් සිදුවී තිබේ. ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් මධ්‍යම ක්‍රොයේෂියාවේ මරණ 7 ක් සිදුවී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයක් විනාශවී තිබේ. පෙට්රින්ජා නගරයේ දොළොස් හැවිරිදි ගැහැණු දරුවෙක්ද මිය ගිය අය අතර වෙයි. ග්ලිනා නගරයේ තිදෙනෙකුද මිය ගොස් තිබේ. සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටිති. භූමිකම්පාව අසල්වැසි සර්බියාවට හා බොස්නියාවටත් දැනී තිබේ.