27 C
Colombo
07/11/2024

ඉන්දීය – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය ඉන්දියාව කඩුලු අටකින් ජයගනී

Share with your friends :

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බන්හිදී පැවැත්වුනු දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාව කඩුලු අටකින් ජයගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සම කරන්නට සමත් විය.
පළමු ඉනිම සඳහා ඕස්ට්‍රේලියාව ලකුණු 195 ක් ලබා ගත අතර පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 326 ක් ලබාගත්හ.
විරාත් කෝලි වෙනුවට මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරන අජින්ක්යා රහෙනේ ලකුණු 112 ක් ලබාගත්තේය. දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියාව ලබා ගත්තේ ලකුණු දෙසීයක් පමණි. ජයග්‍රහණය සඳහා අවශ්‍යවූ ලකුණු 70 දෙවන ඉනිමේ කඩුලු දෙකක් පමණක් දැවී ලබා ගන්නට ඉන්දියාව සමත් වුයේ තරගය සඳහා තවත් එක දිනක් ඉතිරිව තිබියදීය.
තරග හතරකින් යුත් මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය.

Share with your friends :