ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසී ප්රාන්තයේ අගනුවර වන නෑෂ්විල් හිදී කැම්පර් වෑන් රථයක් තුල සිදුවූ විශාල පිපිරීම මරාගෙන මැරෙන ප්රහාරයක් බව හෙළිවී තිබේ. පිපිරීමේ සුන්බුන් අතර තිබී මිනිස් ශරීර කොටස් හමුවී ඇති අතර ඒවා සම්බන්ධයෙන් DNA පරීක්ෂණ ආරම්භ වී තිබේ.
මෙම පිපිරීමෙන් තිදෙනෙකු තුවාල ලැබූ අතර පිපිරීම නිසා එම ප්රාන්තයේ සහ තවත් ප්රාන්ත හතරක සන්නිවේදන කටයුතු වලට බාධා ඇතිවී තිබේ.
පිපිරීමට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට අදාළ වෑන් රථය මගින් නිවේදනයක් ප්රචාරය කර ඇතැයිද පැවසේ.
previous post