27 C
Colombo
07/11/2024

රෝහල් ගත කල රජිනිකාන්ත්ගේ තත්වය යහපත් අතට

Share with your friends :

රුධිර පීඩනය හදිසියේ ඉහල පහල යාමේ හදිසි වෙනසක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් ගේ තත්වය යහපත් බව වෛද්‍යවරුන් තහවුරු කල බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසා තිබේ.
හදිසියේ ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවක් ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් හයිද්‍රාබාද් හි ජුබිලි හිල්ස් හි ඇපලෝ රෝහලට ඇතුලත් කරන ලදී.
චිත්‍රපටයක් රූගත කිරීම සඳහා ඔහු හයිද්‍රාබාද් නුවරට පැමිනි අතර පසුගිය දින දහය මුළුල්ලේ එහි ගත කර ඇත.
රජිනිකාන්ත් සමඟ රූපගත කිරීම්වලට සම්බන්ධ වූ කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව දෙසැම්බර් 22 වැනිදා තහවුරු වූ නමුත් රජිනිකාන්ත්ට වයිරසය ආසාදනය වී නැති බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
රාජිනි කාන්ත් ඉදිරි සති කීපය තුල දේශපාලනයට පිවිසීමටත් ඉදිරි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී මහඇමති තනතුරට තරග වැදීමටත් සුදානමින් සිටියදී මෙසේ හදිසියේ අසනීප වී තිබේ.

Share with your friends :