එංගලන්තයෙන් වාර්තාවූ නව කොරෝනා ප්රභේදය ප්රථම වරට ප්රංශයෙන් ද වාර්තා වී තිබේ. ලන්ඩනයේ සංචාරය කර ප්රංශයට දෙසැම්බර් 19 වැනිදා යලි පැමිණි ටුවර්ස් නගරයේ පුද්ගලයකුට මෙම නව කොරෝනා ප්රභේදය වැළඳී තිබේ. මොහු රෝග ලක්ෂණ නොපෙන්වන අතර ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
මෙම නව වයිරස ප්රභේදය වාර්තා වීමෙන් පසු ප්රංශය මුලදීම දේශ සීමා වසා දමන ලද අතර පසුව නැවත එය යලි විවෘත කරන ලදී.