27 C
Colombo
19/01/2025

යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය අතර නව වෙළඳ ගිවිසුමක්

Share with your friends :

යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව මෙම පශ්චාත්-බ්‍රෙක්සිට් වෙළඳ එකඟතාවයට එළඹ තිබේ. ඒ අනුව මත්ස්‍ය සම්පත සහ අනාගත වෙළෙඳ නීති සම්බන්ධයෙන් පැවති ගැටලු දෙපාර්ශවය විසින් නිරාකරණය කරගෙන තිබේ.
මේ සමග දෙපාර්ශවය අතර ඇතැම් භාණ්ඩ සඳහා බදු රහිතව ආනයන අපනයන අවස්ථා ඇති කෙරේ.
ඒ අනුව මින් ඉදිරියට එක්සත් රාජධානියේ පුරවැසියන්ට යුරෝපා සංගමයේ රටවල රැකියා කිරීමට, අධ්‍යාපනය හැදෑරීමට,ජීවත්වීමට හා ව්‍යාපාර සිදු කිරීම සඳහා වීසා ලබා ගත යුතුය. එසේම යුරෝපා රටවල් වෙත ඇතුළුවීමේදී දේශසීමාවන්හිදී සිදුකරන පරීක්ෂාවන්ට එක්සත් රාජධානියේ පුරවැසියන් යටත්වේ.

Share with your friends :