27 C
Colombo
18/01/2025

කොවිඩ් සිරුරු ආදාහන ප්‍රශ්නය තවත් සහරන්ලා බිහිකිරීමක් – ඥානසාර හිමි

Share with your friends :

කොවිඩ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය පිළිබඳ ප්‍රශ්නයේදී ආණ්ඩුව ඒ පිළිබඳ නිසි හැදෑරීමකින් තොරව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී සිටින්නට යාම නරක තත්වයක් බවත් 1983 දී දෙමල සමාජයත් සමග හදා ගත් ආකාරයේ නැවත ආපස්සට හරවන්නට බැරි ප්‍රශ්නයක් මේ මල මිනී ප්‍රශ්නය ඇති කරමින් සිටින බවත් ආණ්ඩුව ගැඹුරින් සිතා බලා කටයුතු නොකළ හොත් තවත් සහරාන්ලා දහසක් දෙදහසක් බිහිවනු ඇති බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළහ.
ජනගත වෙලා තියෙන්නේ හාමුදුරුවරු භුමිදනයට විරුද්ධයි කියලා , ඒ නිසා මුස්ලිම් සමාජයේ වෛරයට පාත්‍ර වෙන්නේ හාමුදුරුවරු , දේශපාලකයෝ කියන්නේ හාමුදුරුවරු විරුද්ධ හින්දා කරන්න බැහැ කියලා , මුස්ලිම් අන්තවාදය, වහාබ්වාදය පරාජය කල යුතුයි, ඒ මත ගොඩනැගුනු අන්තවාදී සන්නද්ධ ක්‍රියාකාරකම් පරාජය කල යුතුයි.
අපි වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයො නෙවෙයිනෙ. මේ ප්‍රශ්නය පිළිබඳ හැදෑරීමක්, කියවීමක්, විශ්ලේෂණයක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී ඉඳලා මේ ආණ්ඩුත් නරක තැනකට පත්වෙනවා. නායකයොත්.
විශේෂඥ මණ්ඩලයක් පත්කරලා, ඒගොල්ලන්ගෙ නිර්දේශය දෙන්න. ඊළඟට ආගමික වශයෙන් ඉන්න ආගමික කණ්ඩායම් එකතු කරන්න. මේ වැඩපිළිවෙලක් පේන්න නෑනෙ ? මෙතන රාජ්‍ය ප්‍රතිපත්තියක් ගන්නවා පුච්චන්න කියලා එක වෙලාවකට ආරංචි වෙනවා, ආපහු ගෙනල්ලා ශීතකරණවල දානවා … මොකක්ද මේ තක්කඩි වැඩේ ??
මුස්ලිම් අයගේ ආගමික අයිතියක් ඒක. මොකද, ඒගොල්ලො විශ්වාස කරනවා මේ මහපොළවෙ ජන්මය ලබන්නෙ, මනුෂ්‍යයෙක් වෙන්නෙ මේ පසෙන් කියලා. ඒනිසා පසටම පොහොර වෙන්න ඕනෙ කියලා. ඒක මුස්ලිම් සංස්කෘතිය. ඒක ආගමික අයිතිය.
හැබැයි ඒ ආගමික අයිතිය වළදානකොට හැමෝම පිච්චෙනවා. ඒකයි භයානක ! මතක තියාගන්න දෙමළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්. මුස්ලිම් ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක්. ආගමික ප්‍රශ්න සංවේදීයි. හැබැයි මම නම් පෙනී ඉන්නේ හරි දේ වෙනුවෙන් මිසක් ජනප්‍රිය මතය වෙනුවෙන් නෙවෙයි,
ප්‍රභාකරන් මරා දමලා දෙමල සන්නද්ධ අරගලය අවසන් කරා, ඒත් බෙදුම්වාදය ගැන තියෙන මතය අදටත් ආපස්සට හරවන්න බැරි වෙලා තියෙනවා , ඒ වගේම අද වහබ් කාරයොයි , සම්ප්‍රදායික මුස්ලිම් ජනතාවයි යන දෙපාර්ශවයම මේ මල මිනී ප්‍රශ්නේ නිසා එකට එකතු වෙලා, තවත් සහරාන්ලා 1000 -2000 ක් බිහිවෙලා තමයි මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ මේ විදිහට ගියොත් ” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Share with your friends :