27 C
Colombo
07/11/2024

නිකොලා ටෙස්ලා – ඉතිහාසයේ බිහිවු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා

Share with your friends :

1884 වර්ෂයේ එක්තරා දිනක තෝමස් අල්වා එඩිසන් මුණ ගැසීමට සයිබීරියන් සම්වභයක් සහිත ඔස්ට්‍රියානු තරුණයෙක් පැමිණියේය.
ඔහු පැමිණියේ ඔහුගේ මුල් ව්‍යවසායකයා වූ චාල්ස් බච්ලර් මහතා විසින් ලියන ලද ලිපියකුත් සමගය. එසේ රැගෙන එන ලියුමේ සදහන් වූයේ,”මම ලෝකයේ දන්නා ශ්‍රේෂ්ඨයන් දෙදෙනෙකි. එක්කෙනෙක් ඔබ වන අතර අනෙකා මම ලිපිය රැගෙන එන තැනැත්තායි.” යනුවෙනි.
එම ලිපිය රැගෙන ආ පුද්ගලයා අන්කවරකු නොව මහා නිපැයුම්කරුවකු, විද්‍යාඥ යකු වූ නිකොලා ටෙස්ලායි.
1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේ ඔස්ට්‍රියානු දේශ සීමාවට ආසන්න ලිකා (Lika) ග්‍රාමයේ, ස්මිල්ජාන් (Smiljan) පළාතේ සර්බියානු පවුලක උපත ලද නිකොලා ටෙස්ලා හැඳින් වූයේ “විදුලියෙන් උපන් දරුවා” ලෙසය.
ඔහු මෙලොව දකින්නේ දරුවන් පස්දෙනෙකුගෙන් යුතු පවුලක හතරවෙනියා ලෙසය. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු (මිල්කා, ඇන්ජිනෝනා සහ මාරිකා) සහ එක්සොයුරෙකු විය. නමුත් අවාසනාවන්ත ලෙස ටෙස්ලාගේ වයස අවුරුදු පහක් වූ විට අශ්ව කරත්තයකින් වැටී ඔහුගේ සොහොයුරා (ඩේන්) මිය ගියේය.
1861 දී ටෙස්ලා ස්මිජාන්හි ප්‍රාථමික පාසැලකට ගොස් ජර්මානු, ගණිතය හා ආගම ඉගෙන ගත්තේය.
ඔහුගේ පියා පූජකයකු වූ නිසාවෙන්, ටෙස්ලාද කවදාක හෝ පූජකයකු වනු දැකීම ඔහුගේ පියාගේ අභිලාශය විය. නමුත් සිය මව ගෙදර දොර වැඩ පහසු කරගැනීමට යොදාගත් විවිධ උපකරණ දුටු කුඩා ටෙස්ලාගේ අවශ්‍යතාවය වූයේ තාක්ෂණය පිළිබඳ හැදෑරීමටය.

ටෙස්ලාගේ උපත ලැබූ නිවස අද පවතින අයුරු

පියා එම තීරණය පිලිබඳ එතරම් කැමැත්තැක් නොදැක්වූ අතර වරක් ටෙස්ලට කොළරා රෝගය නිසා දැඩි අසනීපයෙන් පසුවිය. තමන් ඉක්මනින් මෙම රෝගයෙන් සුවවෙන බවට පවසා, තමන්ට ඉංජිනේරුවකු වීමට අවසර දෙන ලෙසට සිය පියාව පොරොන්දු කරගැනීමට ටෙස්ලා සමත් විය.
අවසානයේදි ටෙස්ලා සිතු පරිදිම ඉංජිනේරුවෙකු වීමට තාත්තා ටෙස්ලාට කැමැත්ත දෙනවා පමණක් නොව සුදුසු ඕනැම විශ්වවිද්‍යාලයකට යාමට උදව් ලබාදෙන බවට ඔහු පොරොන්දු විය.
දිනක් තමාගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළේය.
ඔහු විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ආරම්භ කළද උපාධිය අවසන් කර නැත. එයට හේතුව අදටත් පැහැදිලි නැතත්, ජීවිතයේ ඔහු ගත් සාධනීයම තීරණයක් වන්නේ ඇමරිකාවට සංක්‍රමණය වීමයි.
ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි.
ඔහු සේවයට යන්නේ එවකට මහා “ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා” වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි.
එවකට එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ සරළ ධාරා/Direct current (DC) විදුලිය වූ අතර, සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම, සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම, ගිණිගැනීම් අධික වීම, ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම, ආදී හේතූන් නිසා එය ඉතාම මිළ අධික සේවාවක් විය. එඩිසන් මෙම ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් විය.
ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ Direct current (DC) ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කරන ලෙසටයි.
ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු උවත්, ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදුන් විට පොරොන්දු වූ මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට පවසා ඇත්තේ
“Tesla, you don’t understand our American humour “ යනුවෙනි.
මෙම සිදුවීමෙන් කළකිරුණු ටෙස්ලා, J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙකේ මූල්‍ය අනුග්‍රහය සමගින් වෙනම විද්‍යාගාරයක් අරඹන අතර එවකට භාවිතාවට ගත් එඩිසන්ගේ සරල ධාරා (DC) ක්‍රමය ඉතා මිළ අධික නිසා, එයට විකල්පයක් ලෙස ටෙස්ලා ප්‍රත්‍යාවර්ථ ධාරා/ Alternating current (AC) විදුලිය ලොවට හදුන්වා දුන් අතර පසු කලක ඔහු ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජල විදුලිය පිළිබඳව කිසිඳු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි.
විශාල ප්‍රදේශයකටම එක් බලාගාරයක් පමණක් ප්‍රමාණවත් වීම, ඉලෙක්ට්‍රෝන ගැලීමක් නොමැතිවීම, ආරක්‍ෂිත වීම, නිෂ්පාදන නඩත්තු වියදම් අවම වීම, බෙදාහැරීමේ වියදම අවම වීම, ආදී කරුණු මත අදටත් ලෝකයම භාවිත කරන්නේ මෙම Alternating current (AC) ක්‍රමයි.
ඔහු මෙය සදහා පේටන් බලපත්‍රය ලබාගත්තද පසුව ‘ජෝර්ජ් වෙස්ටින්ග්හවුස්’ හට පේටන් එක ඩොලර් මිලියනකට විකුණා දමන අතර, ටෙස්ලා මෙම මුදල් ද වියදම් කරන්නේ තමාගේ නව නිපැයුම් සිදුකිරීම සදහා වීම විශේෂත්වයකි.ටෙස්ලාගේ මෙම ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) හඳුන්වාදීම අධික ලාබ ලබමින් සිටි එඩිසන්ගේ ව්‍යාපාර වලට මාරු පහරක් වූ හෙයින් ඔහු විසින් සුරතල් සතුන් කිහිප දෙනෙක්, අශ්වයෙක් සහ ඇතින්නක් ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) විදුලිය අනතුරුදායක බව පෙන්වීමට, එම සතුන්ව ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) මගින් පණපිටින් පුලුස්ස්සා මරණයට පත් කරන ලදී.
එපමණක් නොව එඩිසන් ගේ යෝජනාවකට අනුව ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) යොදාගෙන මිනිසුන්ට මරණ දඩුවම ලබාදීමට විදුලිපුටුව නිර්මාණය කරන ලදී.
එහෙත් එඩිසන්ට වඩා බුද්ධිමත් වූ ටෙස්ලා Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් සහිතව තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගනිමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වා සිටියේය.
එයින් පරාජය පිළිනොගත් එඩිසන් ටෙස්ලාගේ විද්‍යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරන ලදී.
නමුත් මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්‍ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ මෙම සියලු කෙනහෙලිකම් පරාජයට පත් වන්නේ එඩිසන් නොසිතන අයුරිනි.
නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය. Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය.
එමෙන්ම එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් ඔහු සතු වූ අතර, ඉතාම සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි හැකියාවක් ඔහු සතු විය.
මේ අතර “ක්‍රිස්ටෝපර් කොලොම්බස්” ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සැමරීම සඳහා ඇමරිකාව උත්සවාකාරයෙන් (World’s Colombian Exposition) සැමරීමට සුදානම් විය.

Tesla sitting in front of a spiral coil used in his wireless power experiments at his East Houston St. laboratory

එය ආලෝකවත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරනු ලැබූ අතර මේ සඳහා ටෙස්ලා මෙන්ම එඩිසනුත් තරග කළේය. නමුත් ටෙන්ඩරය හිමිවන්නේ නිකොලා ටෙස්ලාගේ සමාගමටය. ඒ සරල ධාරා(DC) යොදා කරන ආලෝකකරණයට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම නිසාය.
මෙයින් කෝපයට පත් වන එඩිසන්, තමන්ට පේටන්ට බලපත්‍රය හිමි විදුලි බුබුල යොදාගෙන ආලෝකකරණය කිරීම ටෙස්ලාට තහනම් කරන ලදී.
එයින් පසු නොබසින ටෙස්ලා අපූරු විසදුමක් සමගින් ගෑස් බල්බ (CFL සංකල්පය) හඳුන්වා දුන් අතර මේ හේතුවෙන් නිකොලා ටෙස්ලා ලෝකප්‍රසිද්ධ නිපැයුම්කරුවකු බවට පත් ව්ය. එසේම එය ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි ආලෝකකරණය භාවිතාකළ අවස්ථාව ලෙස සනිටුහන් විය.
ටෙස්ලා ගේ සාර්ථකත්වය හා සුපිරි හැකියාව අවබෝධකර ගත් නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර ලැබිණි.

Tesla Broadcast Tower

නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා කළ හැකි ආසන්නම නගරය වන “බෆලෝ නගරය” ඇල්ලේ සිට සැතපුම් 20 ක් පමණ දුරින් ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය (DC) ප්‍රයෝගික නොවූ අතර ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ (AC) අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබීමට මෙය හේතුවක් විය.
ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය මෙය වන අතර ටෙස්ලගේ මෙම විශිෂ්ට නිර්මාණයට උපහාරයක් ලෙස නයගරා ඇල්ල අසල ඇති ප්‍රතිමාව නිර්මණය කර ඇත.
ගුග්ලිමෝ මර්කෝනි රේඩියෝව සොයාගත් බව ලෝකයම පැවසුවද සත්‍යවශයෙන්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි.
මේ සඳහා මර්කෝනිට නොබෙල් ත්‍යාගය ලැබුනද එහි සැබැහිමිකරුවා නිකොලා ටෙස්ලා බව දන්නේ ඉතා සුළු පිරිසකි. මාර්කෝනිගේ රේඩියෝව ගලවා බැලීමෙන් එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් එය තහවුරු කරණු ඇත.
නිකොලා ටෙස්ලා යනු තමන්ට හිමි නොවූ, තමන්ගේම පේටන් බලපත්‍රයක් සහ නොබෙල් ත්‍යාගයක් හිමි මහා නිපැයුම් කරුවෙකි.
“Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents”
1943 වර්ෂයේ ටෙස්ලාගේ මරණින් මාස 6 කට පසු දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ අතලොස්සක් දෙනා පමණි.
1898 දී දුරස්ථ පාලකය ඔහු සොයාගත් අතර රූපවාහිනියේ සිට සැටලයිට් තාක්ෂණ‍ය දක්වා අද දවසේ භාවිතා කරන්නේ ටෙස්ලාගේ මෙම සොයාගැනීමය.
1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් වන්නේ රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීමයි. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීමට ටෙස්ලා ගේ අදහස වුවද එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වන ලදී.

ටෙස්ලා ගේ කොලරාඩෝ විද්‍යාගාරය

ඉන් වසර 17 කට පසු රොබර්ට් වොට්සන් “රේඩාර්” සොයා ගත් අතර එහි ගෞරවය හිමිවිය යුත්ට්තේද ටෙස්ලා ටය.
“විල්හෙල්ම් රෙන්ට්ගන්” එක්ස් රේ සොයා ගැනීමට අවුරුදු 8 කට පෙර, නිකොලා ටෙස්ලා එක්ස් රේ (X-Ray) යොදා ගෙන පරීක්ෂණ කර තිබීමද තවත් විශේෂත්වයක් සේම මේ සියලු සොයා ගැනීම් ඔහුගේ පරීක්ෂණ වලට යොදාගත් අතුරු නිපැයුම් පමණි.
රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණයට යොදා ගන්නා ටෙස්ලා කොයිල්ද ඔහුගේ තවත් අනගි නිපැයුමකි. අවකාශය හරහ විදුලිය සම්ප්‍රේෂණය කරීමට (රේඩියෝ තරංග මෙන්) කළ සැළසුම්වල අතුරු නිර්මාණ ලෙස ඉහත නිපැයුම් හඳුන්වා දිය හැක.
අවකාශය හරහා සම්ප්‍රේෂණය කරන විදුලිය, කිසිම වයර් ඇදීමක් නොමැතිව සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගැනීමේ හැකියාව ඇති බවත්, ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරනා විට ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන් අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙන අතර, මිනිසාට හානියක් නොවීම මෙම සංකල්පයේ ඇති අපූර්වත්වයයි.
ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වන විට මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන උමතු මිනිසකු ලෙසය.

Nikola Tesla Museum in Belgrade, Serbia

නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වන්නේ විශාල ටෙස්ලා කුළුණක් නිර්මාණය කර ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීමය.
ඔහු මේ සඳහා “මෝගන්” නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නා ලදී. එහෙත් කුලුණ තනන අතරතුර ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කළ නිසා අනුග්‍රාහක මෝගන් සිය අදහස වෙනස් කර ගන්නේ තව දුරටත් මෙයට දක්වන අනුග්‍රහය නිෂ්පල යයි සිතමිනි.
ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට නොවැටහීම සමස්ත ලෝකයම ලද පාඩුවක් මෙන්ම අවාසනාවකි.
අනාගතයේ ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි නැවත උත්පාදනය නොවන සම්පත්) පිළිබඳ අනුමාන කළ ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දුන් අතර විශ්වයෙන් ලැබෙන අසීමිත සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම අරඹන ලදී.
නොමිලේ මිනිසුන්ට විදුලිය ලබා දුනහොත් ලාභ ඉපයිය නොහැකි බව තේරුම් ගත් ආයෝජකයන් සියල්ල ටෙස්ලා අතහැරියද, ඔහු ණය වෙමින් ලොවට සෙත සැලසීමට වෙහෙස මහන්සි විය.කුරුල්ලන්ට හා අනෙක් සියළු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ මහා නිපැයුම් කරුවා 1943දී , 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී අවිවාහක දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය .

නිව්යෝර්ක් නගරයේ ටෙස්ලා කෝනර්

ඔහු මියගිය බව හෝටල් සේවකයන් දැනගන්නේ දින දෙකකට පසුවය. ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයටගනු ලබන්නේ ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් සිතූ නිසාවෙනි.
ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, නිහඬව එය දරාගත් ටෙස්ලා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කැප කළ මානව හිතවදියෙකි.
නිකොලා ටෙස්ලාට ගෞරවයක් ලෙස බර හා කිරුම් පිළිබඳ මහා සම්මේලනය චුම්බක ෆ්ලැක්ස් ඝනත්වයේ SI ඒකකය ටෙස්ලා ලෙස නම් කරන ලදි
එමෙන්ම ජූලි 10, ටෙස්ලා වෙනුවෙන් නම් කරන ලද දිනයයි.

නයගරා දියඇල්ල අසල ටෙස්ලා ප්‍රතිමාව

ටෙස්ලගේ අරුම පුදුම නිර්මාණ:
* දුරස්ථ පාලකය.
* රැහැන් රහිත සන්නිවේදනය.
* නියෝන් ලයිට්.
* ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).
*AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).
*විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය
* රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය
* ඔහු ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම්.
* අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව ඔහු පරීක්ෂණ කළේය.(වසර 100කට පෙර)
*අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්‍යාඥයාය.
*භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද පාලනයකලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ)
*පෘථිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් විද්‍යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).
*බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිශ්චිතව කිව නොහැකි මුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කළේය.

  • Dinesh Abeywickrama –
Share with your friends :