27 C
Colombo
06/11/2024

කොරෝනා නිසා ශ්‍රීපාද වන්දනාවටත් ගැටළු

Share with your friends :

එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භවන ජනවාරි මුල් සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණිම ඉතා අධික බැවින් කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වෙතැයි පවසමින් මෙම දැනුම් දීම කර ඇත.
නුවරඑළිය වතු ආශ්‍රිතව කොරෝනා පැතිරයාමේ අවදානම වැඩි බවත් මේ වන විට ඒවාට සුදුසු ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් කොරෝනා මර්ධන කමිටුව දන්වා තිබේ.

එම නිසා පවතින මෙම තත්වයන් අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවසර ලබා වන්දනාවේ පැමිණයද කොරෝනා අවදානම් තත්ත්වය පහව නොයන බවද කමිටුව සඳහන් කරයි.

Share with your friends :