ලොව පාපන්දු ක්‍රීඩාවේ අසහාය ක්‍රීඩකයා ලෙස සැලකෙන පේලේ විසින් තබා තිබු එක් පාපන්දු ක්‍රීඩා සමාජයක් සඳහා වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා ගැනීමේ වාර්තාව බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නායක ලයනල් මෙසී විසින් බිඳ දමා තිබේ. ඔහු සිය 644 වන ගෝලය බාසිලෝනා පිල වෙනුවෙන් රියල් වැලඩොලිඩ් කණ්ඩායමට එරෙහිව වාර්තා කරමින්මේම වාර්තාව බිඳ දමන ලදී.
මීට පෙර මෙම වාර්තාව සඳහා හිමිකම් කීවේ බ්‍රසීල ක්‍රීඩක පේලේ විසින් 1956 සිට 1974 දක්වා බ්‍රසීලයේ සැන්ටෝස් කණඩායම වෙනුවෙන් ගෝල 643 ක් වාර්තා කර තිබිණි.
33 හැවිරිදි ලයනල් මෙසී ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකත්වයද දරයි.