ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් 26 වන දා සිට 2021 ජනවාරි 19 වන දා දක්වා කාලය තුළ නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබු අතර ජාත්‍යන්තර ගුවන් ගමන් කේෂ්ත්‍රය මුහුණ දී ඇති අර්බුද හේතුවේ එම තීරණය ගෙන ඇතැයි අදාළ යෝජනාවේ දැක්වේ.
විදේශ සංචාරකයින් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට සැලසුම් කර ඇති හෙයින් විදෙස් ගුවන් සමාගම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ආකර්ෂණය කරගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.