27 C
Colombo
19/01/2025

එංගලන්තයේ නව වයිරස ප්‍රභේදය නිසා රටවල් රැසක් ගුවන් ගමන් නවතයි

Share with your friends :

එක්සත් රාජධානියෙන් හඳුනාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයත් සමග ප්‍රධාන රටවල් රැසක් එරට සමග ගුවන් ගමන් නවතා දමා තිබේ. මෙසේ ගුවන්ගමන් නවතාදමා ඇති රටවල් අතර ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය,බෙල්ජියම,නෙදර්ලන්තය,ඉතාලිය ආදී රටවල් ගනනාවක් වෙයි. මෙම නව කොරෝනා ප්‍රභේදය කිසිදු පාලනයකින් තොරව පැතිර යමින් පවතින අතර දැනට එක්සත් රාජධානියේ ලන්ඩනය හා තවත් ප්‍රදේශ රැසක පැතිර යමින් පවතී. එසේම දකුණු අප්‍රිකාවෙන් හා ඉතාලියෙන්ද අදාල වයිරස ප්‍රභේදය හමුවී ඇතැයි පැවසේ.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ නව කොරෝනා ප්‍රභේදය සාමාන්‍ය කොරෝනා වයිරස ප්‍රභේදයට වඩා සියයට හැත්තෑවක් වේගයෙන් පැතිර යන බවයි.

Share with your friends :