27 C
Colombo
18/01/2025

ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ගැන අම්මා හෙලිකල රහස

Share with your friends :

මේ වෙන විට ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනා හැටියට සැලකෙන්නේ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී හා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.වසර දෙකකට පස්සේ මේ දෙන්නා පහුගිය දිනවල එකම තරගයකදී ප්‍රතිවාදී දෙපිලේ තරග වැදුනා, මේ තරගයෙන් ලයනල් මෙසීගේ බාසිලෝනා කණ්ඩායම පරදවලා රොනාල්ඩෝගේ ජුවන්ටස් කණ්ඩායම ජය ගත්තා 3 – 0 ලෙස , මෙහිදී රොනාල්ඩෝ දඬුවම් පහර ගෝල 2 කුත් ලබා ගත්තා, මේ ජයග්‍රහණයෙන් පස්සේ රොනාල්ඩෝ ගැන අයෙත් ලෝකයේ වැඩිපුර කතා කරන්න පටන් අරන්.
ලොව පාපන්දු ගෝල 750 කට වැඩි ප්‍රමානයක් ලබා ගත් ක්‍රීඩකයන් ඉන්නේ බොහොම කීපදෙනයි , ඒ අතරේ ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක් , ඒවගේම ඔහු තමයි පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරන්නෙත් .ඔහු මේ දක්වා ප්‍රධාන පෙලේ ශුරතාවලීන් 30 ක් ජයග්‍රහණය කර තිබෙනවා, එයින් හතක්ම ලීග් ශුරතවලියන් , ඔහු ජාත්‍යන්තර පාපන්දු තරගවලදී ගෝල සියයක් වාර්තා කල ලොව දෙවන ක්‍රීඩකයා ඔහු. එසේම 2015 වසරේදී පෘතුගාලය විසින් මෙතෙක් එරට බිහිවූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙසටද ඔහුව නම් කළා, තම ක්‍රීඩා දිවිය තුල ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉපයූ පළමු පාපන්දු ක්‍රීඩකයා වන්නේත් රොනාල්ඩෝ , එසේම මේ කඩඉම පසුකල සමස්ත ක්‍රීඩා ලොවේම තෙවැන්නා ඔහු.
1985 පෙබරවාරි 5 වෙනිදා පෘතුගාලයේ මැඩෙයිරා දුපතේ, ෆන්චල් ප්‍රාන්තයේ උපත ලැබූ රොනාල්ඩෝ දරුවන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා, රොනාල්ඩෝ ගේ මව ආහාර පිසින්නියක්, පියා නගරසභාවේ උද්‍යාන භාරකරුවෙක් වගේම ඇඳුම් සකසන්නෙක්,
රොනාල්ඩෝ මවු කුස පිළිසිඳ ගත් කාලය වන විට පියාගේ බේබදුකම නිසා පවුලට අභාග්‍යසම්පන්න කාලයක් උදාවෙලයි තිබුනේ, දුප්පත්කම හින්දම දරුගැබ ගබ්සා කරන්න රොනාල්ඩෝගේ අම්මා උත්සහ ගත්තත් වෛද්‍යවරයා ඒක ප්‍රතික්ෂේප කළා . ඒ වෛද්‍යවරයා එදා ඒ ගබ්සාවට කැමති වුනා නම් ලොවට රොනල්ඩෝ කියන දක්ෂ පාපන්දු ක්‍රීඩකය අහිමි වෙන්න ඉඩ තිබුණු බව ඔහුගේ මව පසු කලෙක කියා තිබුනා,

ඔහු කුඩා කල සිටම පාපන්දු ක්‍රීඩාවට ඉමහත්සේ ඇලුම් කළා වගේම ඊට දක්ෂතා දැක්වුවා, ඔහු බාල වියේදී ඔහුට රෝගයක් වැළඳුනා ,මෙම රෝගය නිසා ඔහුට සාමන්‍ය හදවතේ ස්පන්දන වේගයට වඩා වැඩි ස්පන්දන වේගයක් තිබුණා.පසුව සැත්කමක් මගින් මෙය යථා තත්වයට පත් කළා , ඒ අනුව යම් කාලයක් පාපන්දු ක්‍රීඩාවෙන් ඈත්ව සිටිය යුතු වුවත් සැත්කමෙන් පස්සේ ටික දිනකින්ම ඔහු පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්න පටන් ගත්තා
රොනාල්ඩෝ බාල වියේ සිටම පාපන්දු ක්‍රීඩාවට ඉතාම දක්ෂයි.ඔහු පාපන්දු ක්‍රීඩාව පය තැබුවේ වීථි පාපන්දු ක්‍රීඩාවෙන් . ඔහුගේ වයසේ දරුවෙකුට වඩා දස්කම් අතින් ඔහු සිටියේ ගොඩක් ඉදිරියෙන්, ඔහුගේ මුල් පාපන්දු ක්‍රීඩා සමාජය ඇඩෝරින්හා, ඔහුගේ පියා ඔහුගේ මුල් පාපන්දු කන්ඩායම වන ඇඩොරින්හා පාපන්දු කන්ඩායමේ ඇදුම් සකසන්නා,
ඔහුට වයස අවරුදු 12දී පමන ඔහුගේ ගම හැර දා පෘතුගාලයේ අග නගරය වන ලිස්බන් නගරයට පැමිණෙන්නේ තවදුරටත් පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නයි, අවරුදු 14 දී අධ්‍යාපනය සම්පුර්නයෙන් අතහැරදමා පාපන්දුවට පමණක් අවධානය යොමුකරන්න රොනාල්ඩෝ තමන්ගේ දෙඅමපියෝ කැමති කර ගත්තා , ඔහුගේ පැරණි පුහුනුකරුවන් කියන්නේ පාපන්දු ක්‍රීඩාවේදී ඔහුට සැමවිටම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වූ බවයි, පරාජයට ඔහු දැඩි විසින් බිය වුනා .මේ කාලයේදීම ඔහුට හර්දයේ සැත්කමක් කිරීමට සිදුවුණා වෛද්‍යවරුන් කිවේ ඔහු පාපන්දු නැවැත්විය යුතුබවය. ඒත් රොනාල්ඩෝ ඒ කිසිවකට කන් දුන්නේ නැහැ.ඔහු කුඩාකාලයේදීත් ඔහුගේ පන්දු පාලනය හොද මට්ටමක තිබු බව ඔහුගේ පුහුනුකරුවන් කියා තිබෙනවා.

එකම තරගවාරයක් තුලදී තම පාපන්දු සමාජයේ 16 පහල,17 පහල,18 පහල දෙවනපෙළ කණ්ඩායම සහ ප්‍රධාන කණ්ඩායම යන සෑම කණ්ඩායමක්ම නියෝජනය කිරීමේ වරම ඔහුට හිමි උනා.එම ක්‍රීඩා සමජයේ එවැන්නක් සිදු කල එකම ක්‍රීඩකයා ඔහුයි.යොවුන් ක්‍රීඩකයෙකු හැටියට ඔහු රට පුරා ප්‍රසිද්ධ වෙද්දී එංගලන්තයේ ප්‍රධාන පෙලේ පාපන්දු සමාජ ඔහු කෙරෙහි අවධානය යොමු කලා , ලොව ජනප්‍රිය කණ්ඩායමක් වන මැන්චෙස්ටර් යුන්ටඩ් ක්‍රීඩා සමජය ඔහුව බඳවා ගත්තා, මැන්චේස්ටේර් යුන්ටඩ් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් මොහුව කණ්ඩාමට බදවා ගන්න යැයි කළමනාකරු ඇලෙක්ස් ෆර්ගසන් හට බල කල බවයි සදහන්වන්නේ.
එකල එංගලන්ත පාපන්දු ඉතිහාසේ වැඩිම වටිනාකමකට බඳවා ගත් යෞවන ක්‍රීඩකයා ඔහුයි.වයස අවුරුදු 22 දී පෘතුගාල කන්ඩායමේ නායකත්වයට පත් වුනා.ඔහුගේ විශිෂ්ට පන්දු පාලනය සහ නිවැරදි ඉලක්කය ලොව මවිතයට පත් කලේ වරක් දෙවරක් නොවෙයි ,
මේ වන විට 35 හැවිරිදි රොනාල්ඩෝ දරුවන් සිවු දෙනෙකුගේ පියෙක් .
-තිසඳ සෙනෙවිරත්න

Share with your friends :