27 C
Colombo
18/01/2025

පාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවය නව යානා දෙකක් මිලදී ගැනීමට යයි

Share with your friends :

විශාල වශයෙන් පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා නැවත වරක් ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යයි. මෙම ගුවන් යානා මිලදී ගැනීමට යන්නේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වෙනුවෙනි. මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව ගුවන් යානා 25 ක් පවතී. මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් ගමන් ගන්නා ගුවන් ගමන් ප්‍රමාණයද සීමිත අතර එම නිසා ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතාම සීමිත ගුවන් යානා ප්‍රමාණයකි.එසේම අවශ්‍යනම් මේ ගුවන් යානා දෙකක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආසන ගලවා සක්ස්කිරීමද සිදු කල හැකිවේ.එසේ තිබියදී නව ගුවන් යානා මිලදී ගැනීම දැනටත් පාඩු පිට පවත්වා ගෙන යන ගුවන් සේවයට කිසිසේත් ඔරොත්තු නොදෙන්නක් බව ශ්‍රීලන්කන් සේවක වෘත්තීය සමිති පෙන්වා දෙති.
ලොව පුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පිවිසී අතර ඒ අනුව චීනයේ බෙයිජිං නුවර සිට දකුණු අප්‍රිකාවේ , ජොහැන්ස්බර්ග් නුවර ඕ.ආර්.තම්බෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මෙට්‍රික් ටොන් 45 ක බරකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් භාණ්ඩ තොගයක් පසුගිය මැයි 13 වැනිදා ද එකවර ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් යොදා ගනිමින් රැගෙන ගොස් තිබේ .එම අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් අතර , ආරක්ෂිත මුහුණු ආවරණය මිලියන 07 ක් සහ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ විය .

Share with your friends :