27 C
Colombo
19/01/2025

සීනි තොග මිල යලිත් රුපියල් 11 කින් ඉහලට – තවත් සීනි නැව් අතරමග

Share with your friends :

පිටකොටුව තොග වෙළඳපොලේ සීනි කිලෝවක තොග මිල හදිසියේම රුපියල් 98 සිට 109 දක්වා රුපියල් 11 කින් හදිසියේම ඉහල දමා තිබේ. මේ මිල ඉහල දමා ඇත්තේ මේ වන විට සීනි විශාල තොග වශයෙන් මෙරටට ගෙනවිත් ඇති පිරමිඩ් විල්මාර් සමාගම ඇතුළු ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකි. මේ වන විට සීනි අඩු මිලට ජනතාවට ලබාදීම සඳහා රජය ගත් සියලු ක්‍රියාමාර්ග මායිම් නොකරමින් සීනි වෙළඳුන් සිත් සේ මිල වැඩිකරමින් සිටිති. මේ වන විට සීනි සඳහා පාලන මිල කිලෝවක් සඳහා රුපියල් 85 ක් වන අතර සාමාන්‍ය සිල්ලර වෙළඳපොලේ සීනි කිලෝවක මිල රුපියල් 130 ක් පමණ වේ. සීනි මිල අඩු කර ජනතාවට සෙත සැලසීම සඳහා රජය විසින් සීනි කිලෝවකට රුපියල් පනහක්වූ බද්ද ශත 25 දක්වා අඩු කරන ලදී. එහෙත් සීනි තොග වෙළඳුන් විසින් දිගින් දිගටම සීනි මිල අඩු නොකරන ලදී.
මේ වන විට පිරමිඩ් විල්මාර් සමාගම සීනි බදු අඩු කිරීමෙන් පසු සීනි ටොන් 60,000 ක් පමණ මෙරටට ගෙන්වා තිබේ. ඒ ඔවුන්ගේ බන්ධිත ගුදම්වල තිබු සීනි තොගවලට අමතරවය.ඔවුන් ගෙන්වූ සීනි නැවක් මේ වන විට ගොඩබාමින් ඇති අතර ඔවුන්ට අයත් තවත් සීනි නැව් දෙකක් මෙරටට ගෙන එමින් තිබේ. සීනි බදු අඩුකිරීමෙන් රජයට විශාල ආදායමක් අහිමිවූ අතර සීනි වෙළඳුන් රුපියල් බිලියන ගණනින් ලාභ ලබමින් සිටිති. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පවා සීනි තොග වෙළඳුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.

Share with your friends :