27 C
Colombo
06/11/2024

චීනය අත්අඩංගුවට ගත් මාධ්‍යවේදිනිය නිදහස් කර ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම්

Share with your friends :

ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග් ආයතනයේ හේස් ෆෑන් චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මේවනවිට ලොව පුරා මාධ්‍ය සංවිධාන හා මානව හිමිකම් සංවිධානවල විරෝධය පලවී තිබේ.
මේ අතර බ්ලුම්බර්ග් මාධ්‍යවේදිනී හේස් ෆෑන් අත්අඩංගුවට ගැනීම තම රටේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් ඊට මැදිහත්වීමක් සිදු නොකරන ලෙස චීනය සෙසු රටවලට පවසා තිබේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් චීනය විසින් මෙම මාධ්‍යවේදිනිය අත්අඩංගුවට ගෙන තිබේ.
චීන ජාතිකයකු වන මෙම මාධ්‍යවේදිනියට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සපයන ලෙසත් , ඇයට නීතීඥ සහය ලබා ගැනීමට ඉඩ දෙන ලෙසත් ඇගේ පවුලේ සාමාජිකයන් සමග සම්බන්ධවීමට ඉඩ ලබා දෙන ලෙසත් යුරෝපා සංගමය චීනයට දැනුම් දී තිබේ.
එසේම තොරතුරු වාර්තාකරණයේ යෙදීම නිසා චීන අත්අඩංගුවේ සිටින සියලු මාධ්‍යවේදීන් වහාම නිදහස් කරන ලෙසටද යුරෝපා සංගමය චීනයට දැනුම්දී ඇත.
මේ අතර මෙම මාධ්‍යවේදිනිය වහාම නිදහස් කරන ලෙස චීනයේ විදෙස් වාර්තාකරුවන්ගේ සංගමයද ඉල්ලා ඇත.
බ්ලුම්බර්ග් මාධ්‍යවේදිනී හේස් ෆෑන් රොයිටර් පුවත් සේවය , අල්ජසීරා ඇතුළු ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන කීපයකම මීට පෙර සේවය කර තිබේ.
මේ වසර තුල චීනය විසින් එරටේ සේවය කල විදේශීය ජනමාධ්‍යවේදීන් රැසක් එරටින් පිටමං කරන ලදී.

Share with your friends :