බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් අතර කොරෝනා ආසාදිතයන් සිටීද යන්න පරීක්ෂා කිරීම සඳහා අද ප්‍රධාන මාර්ග හතරකදී සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු වලදී ආසාදිතයන් පස් දෙනෙකු හඳුනා ගෙන තිබේ.
මෙහිදී නුවර පාර, ගාලු පාර, හයිලෙවල් පාර, හලාවත පාර යන ප්‍රධාන මාර්ග ආශ්‍රිතව අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 451 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇත. ඔවුන්ගෙන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මෙහිදී හඳුනාගෙන තිබේ.
