27 C
Colombo
18/01/2025

ඉතිහාසයේ පළමුවරට ස්වදේශික ඇමරිකානු කාන්තාවක් කැබිනට් මණ්ඩලයට

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ කැබිනට් මණ්ඩලයට පත් කරන ලද පළමු ස්වදේශික ඇමරිකානු කාන්තාව ( Native American Woman ) ලෙස ඩෙබ්‍රා ඈන් හාලන් ඉතිහාසගතවී තිබේ. ඒ ජෝ බයිඩන් විසින් ඇයව ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර කටයුතු ලේකම්වරිය ලෙස නම් කිරීමත් සමගය. නිව් මෙක්සිකෝ නියෝජනය කරන ඇය ඇමරිකාවේ ස්වදේශිකයන්ගෙන් පැවත එන්නියකි. ඇගේ පත්වීම සෙනෙට් සභාවෙන් අනුමත විය යුතුව තිබේ.ඇරිසෝනා හි උපත ලැබූ ඇය මේ වන විට හැට වන වියෙහි පසුවන්නීය.
ඇමරිකානු ඉතිහාසය තුල මෙතෙක් පත් කරන ලද වඩාත් වෙනස්කම් වලින් යුත් ඇමති මණ්ඩලය ලෙස ජෝ බයිඩන්ගේ කැබිනට්ටුව දේශපාලන විචාරකයෝ හඳුන්වති.

Share with your friends :