27 C
Colombo
06/11/2024

කටුනායක මස් සැකසුම් මධ්‍යස්ථානයට ඕමල්පේ සෝභිත හිමියන්ගේ විරෝධය

Share with your friends :

ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පියවර ගත් පසු වැඩිපුරම සතුන්ගේ මරණ වේදනාව විශ්වයට මුසු කරන රට වශයෙන් වාර්තාවක් තැබීමට ද අපේ රටට අවස්ථාව ලැබෙනු ඇතැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පිහිටුවීමේ යෝජනාව වහා හකුලා ගන්නට රජය පියවර නොගතහොත් ගව ඝාතනයට එරෙහිව ජීවිතය පිදූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි ස්වාමින් වහන්සේලා ඊට එරෙහිව ඉදිරියට ඒම වැළැක්විය නොහැකි වනු ඇතැයි ද රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරම්භ කිරීමට සූදානම්වන මෙම මස් සැකසීමේ කම්හල රටට සිදුකෙරෙන බරපතල අපචාරයක් යැයි ද උන්වහන්සේ පවසති.
ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පියවර ගත් පසු වැඩිපුරම සතුන්ගේ මරණ වේදනාව විශ්වයට මුසු කරන රට වශයෙන් වාර්තාවක් තැබීමට ද අපේ රටට අවස්ථාව ලැබෙනු ඇතැයිද , මේ කටයුත්තේ අරමුණ කුමක් දැයි විමසිය යුතුව ඇතැයි ද , මෙවැනි ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් හදන්න යන බව තමන් නොදන්න‍ා බවත් මුල්ගල් තැබු බවක් හෝ ලාබ යන්නේ කාගෙ අතට යන්නේ ද යන්න හෝ නොදන්නේ යැයි ද කී උන්වහන්සේ මෙයින්සිදුවන විවිධ හානි හා අපකීර්තිය සැළකිල්ලට ගත යුතුයැයි ද ජනතාවට මේ ගැන සෙවීමේ අයිතියක් ඇතැයි ද පැවැසූහ.
ලෝකයේ මස් අවශ්‍යතාව‍යෙන් සියයට දහයක් වැනි විශාල ප්‍රමාණයක් මේ සැකසුම් කර්මාන්ත ශාලාවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවී ඇතැයි කී උන්වහන්සේ මස් සපයන මධ්‍යස්ථානයක් නම් කොයිතරම් ප්‍රමාණයක් සතුන් ඝාතනය කරන්න සිදුවෙනවා ද යන්න දැනගැනිමට ජනතාවට අයිතිය ඇතැයි ද සෝභිත හිමියෝ පැවැසූහ.මේ කම්හල ආරම්භ කිරීමෙන් පසු ලොවවැඩිම ප්‍රමාණයක් මස් මරන රට බවට ලංකායව පත් නොවනු ඇත්දැයි විමසු උන් වහනසේ විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවස්ථා‍වේ 9 වනවගන්තියේ පරිදි බුදුදහම රකින බවට දී ඇති පොරොන්දුවට කුමක් වන්නේ දැයි සෝභිත හිමියෝ කීහ.

Share with your friends :