27 C
Colombo
24/11/2024

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ටත් කොරෝනා

Share with your friends :

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී මේ බව තහවුරු වී තිබේ.
ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැත. ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං-නිරෝධායනයට යොමු වන අතර දුරස්ථව සිට රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ වනු ඇත. කෙසේ වෙතත් 42 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.
දෙසැම්බර් 10 සහ 11 දෙදින පැවැති යුරෝපා කවුන්සිලයේ රාජ්‍ය නායකයන්ගේ සමුළුවට ද ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සහභාගී වී තිබිණි.
මේ අතර පසුගිය දින කිහිපයේදී ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රංශයේ අග්‍රාමාත්‍ය කැස්ටෙක්ස් ද ස්වයං-නිරෝධායනයට යොමු වී ඇත.

Share with your friends :