කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එහි ආරම්භය සිදුවූ බව පැවසෙන චීනයේ වුහාන් නගරයට ලබන මාසයේදී ජාත්‍යන්තර විද්‍යාඥයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ සඳහා චීනය මුලදී අකමැත්ත පල කලද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාස ගණනාවක් තිස්සේ පවත්වන ලද සාකච්ඡාවලින් පසු ඊට එකඟවී තිබේ.
මෙය කාට හෝ වරද පැටවීමට වඩා අනාගතයේ මෙවැනි වසංගත ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීම හා මෙම වසංගතය ඇතිවූ ආකාරය සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.