27 C
Colombo
18/01/2025

ඇමරිකාව – ශ්‍රීලංකාවට ලබාදීමට ගිය MCC ප්‍රදානය නවතා දමයි !

Share with your friends :

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන හරහා ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිතව තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය අත්හිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී වෙනත් රටවල් කිහිපයකටම දිළිඳුකම පිටුදැකීම සඳහා පස් අවුරුදු වැඩසටහනක් යටතේ මුදල් ආධාර ලබාදීමට තීරණය කර තිබු අතර ශ්‍රී ලංකාව එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අදාළ ආයතනය විසින් නිකුත් කිරීමට නියමිතය.
මේ යටතේ ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණි.
ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය දියුණු කිරීම සඳහා සහ ඉඩම් නිරවුල් කිරීම සඳහා MCCය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 480ක ආපසු ගෙවිය යුතු නැති ප්‍රදානයක් මේ යටතේ ලබාදීමට නියමිතව තිබිණි.
වත්මන් රජය බලයට පත්වූ පසුව මෙම ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබුණු අතර එම කමිටුව ද ප්‍රකාශ කර තිබුණේ එම ගිවිසුම රටට අහිතකර බවය.
මේ සම්බන්ධයෙන් ශ්‍රිලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනය පහත දැක්වේ .
12172020 Statement on Decision of MCC Board – Sinhala (1)

Share with your friends :