27 C
Colombo
19/01/2025

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට නව නිරෝධායන නීති

Share with your friends :

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව මුලික කරුණු 06 ක් සම්පුර්ණ කරනු ලබන පුද්ගලයෙකුට යලි නිවසේ දින 14ක කාලයක් නිවෙස් නිරෝධායනය වීමේ අවශ්‍යතාවයක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

1. මෙරටට ඇතුල්වීමෙන් පසු පළමු දිනයේ දී මූලික PCR පරීක්ෂණයකට භාජනය විය යුතුය.

2.රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දින 14 ක නිරෝධායන කාල සීමාවක් තුළ තනි කාමරයක හෝ ද්විත්ව හවුල් පහසුකමක (පුද්ගලයින් සංඛ්‍යාව උපරිම වශයෙන් 2 කට හෝ එක් පවුලක සාමාජිකයින්ට සීමා කළ යුතුය) ලක්විය යුතුය.

3.මෙම කාමරයට වෙනම සනීපාරක්ෂක පහසුකම් තිබිය යුතු අතර නිරෝධායනය වෙන සෙසු පුද්ගලයින් සමඟ හවුලේ භාවිතා කිරීම නොකල යුතුය.

4.නිරෝධායන කාල සීමාවේදී කිසිදු අයුරකින් නිරෝධායනය වීමට පැමිණ සිටින අනෙක් පුද්ගලයින් සමග මිශ්‍ර නොවීමට වගබලා ගත යුතුය.

5.නිරෝධායන කාල සිමාවේ දින 12-14 අතර කාලයේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණයට භාජනය වීම අනිවාර්ය වන අතර එහි ප්‍රථිපල සෘනාත්මක විය යුතුය.

6.දින 14 නිරෝධායන කාලය අවසානයේදී, මධ්‍යස්ථානයේ භාර නිලධාරියා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් අදාළ පුද්ගලයාගේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත්විය යුතුය.
යන කරුණු ඔවුන් අනුගමනය කළ යුතු අදාළ මාර්ගෝපදේශ මාලාවයි.

Share with your friends :