කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කිරීම සඳහා නෙදර්ලන්තය සතිපහකට වසා දමා තිබේ. මේ අනුව දෙසැම්බර් 15 වැනිදා සිට ජනවාරි 19 වැනිදා දක්වා නෙදර්ලන්තය වසා දැමෙන බව අගමැති මාක් රූට් පවසයි.එසේම කොරෝනා පාලන දැඩි නීති ර්රෙතිද හඳුන්වා දී තිබේ.
මේ අනුව සියලුම පාසල් , අත්‍යවශ්‍ය නොවන වෙළඳසල් , පොදු ස්ථාන මේ කාලය තුල වසා තැබේ.එසේම 2021 වසරේ මාර්තු මාසය මැද භාගය වන තුරු අත්‍යවශ්‍ය නොවන විදේශ ගමන් වලින් වැළකෙන ලෙස එරට ජනතාවට දැනුම් දී තිබේ.
නත්තල් උත්සවය වෙනුවෙන් දැඩි නීතිරීති දින තුනකට ලිහිල් කෙරෙනු ඇත.2021 වසරේදී නව කොරෝනා එන්නතත් සමග ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බවට අගමැතිවරයා විශ්වාසය පල කළේය.
මේ අතර එරට වසා දැමීම සම්බන්ධයෙන් එරට ඇතැම් පිරිස් විරෝධය පළකරන්නට පටන් ගෙන තිබේ. මේ වන විට නෙදර්ලන්තය තුල දිනකට කොරෝනා ආසාදිතයන් දසදහසක් පමණ වාර්තා වෙමින් පවතී.
මේ අතර ඉතාලියේ ප්‍රදේශ රැසක් මේ වන විට අර්ධ වශයෙන් වසා දමා තිබේ. ලබන දෙසැම්බර් 21 වැනිදා සිට ජනවාරි 6 වැනිදා දක්වා ඉතාලියේ ප්‍රාන්ත අතර ගමනාගමනය අත්හිටුවා තිබේ. මේ අතර රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතියද පනවා තිබේ.
previous post