“මහර බන්ධනාගාරයේ ප්‍රහාරයට” එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සහභාගීවූ විරෝධතාවය අද (15) කඩවත නගර මධ්‍යයේ දී පැවැති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවට එක් විය.
බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලුවේ සාධාරණ ඉල්ලීම් බවත් එම රැදවියන්ට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙලා දකින බවත් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රාජිත සේනාරත්න,ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, , තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, අශෝක් අබේසිංහ, කාවින්ද ජයවර්ධන, ජේ.සී අලවතුවල, තුෂාර ඉදුනිල්, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අප්පුහාමි ඇතුලු මහජන නියෝජිතයින් මෙන්ම සිවිල් නියෝජිතයින් රැසක්ද ඊට එක්ව සිටියහ.