27 C
Colombo
19/01/2025

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ඉලෙක්ටෝරල් නියෝජිතයෝ ස්ථිර කරති

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ පත්වීම එරට ඉලෙක්ටෝරල් නියෝජිතයන් විසින් තහවුරු කර තිබේ. මෙය ලබන 2021 ජනවාරි 20 වැනිදා ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමේ ප්‍රථම පියවර ලෙස සැලකේ. මේ සමගම ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය අවහිර කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා සතුවූ අවසන් අවස්ථාවද ගිලිහී ගොස් තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රාහකයා තීරණය වන්නේ ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඉලෙක්ටෝරල් නියෝජිතයන් ගණන මගිනි. 538 ක් වන සමස්ත ඉලෙක්ටෝරල් නියෝජිතයන් සංඛ්‍යාවෙන් ඇමරිකානු ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් නියෝජිතයන් 270 ක් දිනා ගත යුතුය. මෙවර ජනාධිපතිවරණ යේදී ජෝ බයිඩන් ඉලෙක්ටෝරල් නියෝජිතයන් 306 ක් දිනා ගත් අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කර ගත්තේ ඉලෙක්ටෝරල් නියෝජිතයන් 232 ක් පමණි. ඒ ඒ ප්‍රාන්තයට අදාළ ඉලෙක්ටෝරල් නියෝජිතයන් සංඛ්‍යාවන් සිටින අතර එය ජනගහනය හා විවිධ කරුණු මත තීරණය වන්නකි.
ජනාධිපතිවරයකු ජනාධිපතිවරණයෙන් පසු ජයග්‍රහණය කල පසු එය නිල වශයෙන් තහවුරු කිරීම සිදුවන්නේ ඉලෙක්ටෝරල් නියෝජිතයන් එක්රැස්වී ඡන්දය පාවිච්චි කිරීම මගිනි.
ඉලෙක්ටෝරල් නියෝජිතයන් විසින් සිය ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු කිරීමෙන් පසු ජෝ බයිඩන් ජනතව අමතමින් ප්‍රකාශ කලේ මෙය ජනතා බලයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවයි.

Share with your friends :