ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කරන පී ටී 6 නැමැති සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ජනරංජන වැව ඉස්මත්තේ ඇති ඇලකට කඩා වැටී ඇති බව ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් යානය ගුවන් නියමුවා සමඟ චීන වරාය හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව එය පාලක මැදිරියේ් ගිලිහී ගොස් තිබු බව ගුවන් හමුදාව පවසයි.
මෙම ගුවන් යානය කන්තලේ ප්රදේශයේ පිහිටි ජනරංජන වැව ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයකට කඩා වැදී ඇත.
යානය තුළ සිරවී සිටි ගුවන් නියමුවා මියගොස් ඇති අතර ඔහුගේ සිරුර මේ වනවිට ත්රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇත.
previous post