අලුත්කඩේ පිහිටා ඇති උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිස් කණ්ඩායම් තුනක් පත් කර තිබේ. කෙසේ වෙතත් මෙම ගින්නෙන් කිසිවකුට හෝ කිසිදු නඩු භාණ්ඩයකට අනතුරක් සිදුවී නොමැත.
අලුත්කඩේ පිහිටා ඇති උපරිමාධිකරණ සංකීර්ණයේ පහත මාලයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් ගින්න පසුව පාලනය කරන ලදී. .
ඒ සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය රථ 09ක් කැඳවා තිබුණි.ගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවද පැවසේ.අභ්‍යන්තර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හදිසියේම ඇති වූ බවට සැක කෙරේ.
next post