27 C
Colombo
18/01/2025

ශ්‍රීලංකා ටෙලිකොම් නාමය හා නිල ලාංඡන වෙනසට වියදම මිලියන දහසක් ?

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ නාමය හා එහි නිල ලාංඡනය වෙනස් කිරීමේ කටයුත්ත සඳහා රුපියල් මිලියන දහසක පමණ මුදලක් වැය වන බව එහි වෘත්තීය සමිති පවසයි.
ශ්‍රීලංකා ටෙලිකොම් වෘත්තීය සමිති චෝදනා කරන්නේ ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ නාමය හා එහි නිල ලාංඡනය (LOGO) 2021 ජනවාරි 01 වැනිදා සිට වෙනස් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර ඇති බවයි.
මේ වෙනස් කිරීමේදී සියලු ලිපි ලේඛන, හෝර්ඩින් , බෝඩ් ඇතුළු ආයතනයේ සියලු දේ වෙනස් කරන්නට මේ තරම් විශාල මුදලක් වැයවේ. ඒ අනුව මෙතෙක් භාවිත කල සියලු නිල ලේඛන සියල්ල නව ලාංඡනය යොදා සකස් කිරීමට සිදුවේ. මේ වන විට රජයත් , ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයත් මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි විශාල මුදලක් වැය කිරීම නැවත වරක් සිත බැලිය යුතු කාරණයක් බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.එසේම දශක ගනනාවක් තිස්සේ ශ්‍රීලංකා ටෙලිකොම් නාමය හා නිල ලාංඡනය මහජනතාවට හුරු පුරුදු දෙයක් බවටද වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ වෙනස් කිරීමේ කටයුතු වල ප්‍රධානත්වය දරන්නේ ෆීනික්ස් නමැති දැන්වීම් ආයතනයක් හා තවත් ආයතනයක් බවටද වෘත්තීය සමිති කියා සිටී.

සබැඳි පුවත්
ශ්‍රීලංකා ටෙලිකොම් නාමය හා නිල ලාංඡනය වෙනස් කරන්නට යයි ?

Share with your friends :