පළාත් සභා මැතිවරණය ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මේ වන විට වසර 3 ක පමණ කාලයක් තිස්සේ පළාත් සභා මැතිවරණය කල්දමා තිබෙන අතර පළාත් සභා පාලනය වන්නේ ආණ්ඩුකාරවරු යටතේය. මෙවරද පැරණි මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බව පැවසේ. ඒ සඳහා අවශ්‍ය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.
මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

previous post
next post