2021 අයවැය යෝජනා රැගෙන “ගම සමග පිලිසඳර-වැඩ සමග යලි ගමට ” වැඩසටහන සමග ජනාධිපති කාර්යසාධන බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා දිවයින පුරා අද සිට රට පුරා වැඩසටහන් මාලාවක් ආරම්භ කරයි.
දකුණු පලාත් ආවරණය කරමින් මාතර දි අද පෙරවරු 11 ට ආරම්භ කරන මෙම සංවර්ධන වැඩ සටහන් මාලාව පලාත් මට්ටමින් මේ සතිය තුල දිවයින පුරා සිදු කෙරේ. මෙම වැඩසටහන් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ පලාත්වල සියලු මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
හෙට වයඹ පළාතද අනින්ද්දා උතුරු මැද සහ ඊට පසුදින මාධ්‍යම ඇතුළු සියලු පලාත් මෙමගින් ඉදිරි දිනවල ආවරණය කරනු ලබයි .
2021 අයවැය මගින් මුලු දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ජනතාවගේ දරිද්‍රතාවය තුරන්කොට රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ප්‍රධාන අරමුණ බව සඳහන්ය.

previous post