දැන් මගේ වයස අනුහත ඉවර වේගෙන යනවා. අගෝස්තු මාසය වන විට අනුඅට ලබනවා. මගේ ශරීර සෞඛ්‍යටත්, ආයුෂ දික්වීමටත් හේතුව පුදුමයක් නොවෙයි. (1993-04-08 වන දින)
අල්පායුෂව ඉපදී නැත්නම් හැම අයකුටම තම ආයුෂ දික්කර ගන්න පුළුවන්, ඒ පිළිබඳව මනා පැවතීමෙන්.
“වයසට ගියත් මහළු නොවෙන හාමුදුරුවෝ” කියල මා ගැන කිව්වේ මට තාමත් ශරීර ශක්තිය හොඳට තියෙන නිසා වෙන්නැති කියල මා හිතනවා.
“මා වරක් දොස්තර කෙනෙක් ළඟට බෙහෙත් ගන්න ගියා. මගෙන් ඇහුවා වයස කීයද කියා? අනූතුනයි කිවිවම පුදුම උනා. ඒ අය කිව්වේ වයස අවුරුදු විසිපහක අයකුට සමාන හෘදය වස්තුවක් තියෙන්නේ කියල.
ඒ අය ඇහුවා එච්චරටම නිරෝගිකම ආරක්ෂා කරගත්තේ කොහොමද? කියල.”
මම කවදාවත් දුම්බීම කරලා නැහැ. දුන්කොල කාලා නැහැ.
බොහොම ඉස්සර කුඩා කාලේ ඔය මස් වර්ග කාලා තියෙනවා. පස්සේ මට වැටහුණාම ඒවත් අත් හැරල දැමමා.
ඉද හිට කරවල වගේ දෙයක් වළඳල තියෙනවා. ඒත් එච්චර ඕනෑකමකින් නෙමෙයි.
මම කවදාවත් දවල්ට නිදා ගත්තේ නැහැ,
ඔබට මා කියන්නේ මගේ ශරීර සෞඛ්‍යට හේතු ඕවයි.
මම බොහොම පයින් තමයි ගමන් බිමන් කළේ. නිකන් මා කාලය ගත කළේ නැහැ. පොත් ලියන්න, පොත් කියවන්න තමයි කාලය වැය කළේ.
• ” මම කොයිම දේකටවත් හිතට තරහ ගන්නේ නෑ. ” ඒය මගේ ශරීර සෞඛ්‍යය ආරක්ෂා වෙන තවත් හේතුවක්.
මට විරුද්ධව අන් අය මොන මොන දේවල් කිව්වත්, කළත් ඒ අය ගැන මගේ හිත්තේ තරහ, වෛරය ඇති කරගන්නේ නැහැ.
ඒක මට මගේ ගුරුහාමුදුරුවන් නිතර කියා දුන් අවවාදයක්.
උන්වහන්සේත් එහෙමයි.
ගුරුවරයාගේ ආදර්ශය මා ගත්තා.
හැමකෙනා තුළම දුර්වලකම් තියෙනවා. මා තුළත් තියෙනවා. නමුත් වරදක් දුටු තැන ඒ පිළිබඳව මා කේන්ති ගන්නේ නැහැ. එතැනදී මා හිතන්නේ ඒ වැරදි කරන කෙනාගේ දුර්වලකම ගැනයි. එහෙම නැත්නම් එයාගේ නොතේරුම් කම කියලයි.
ඔය විදියට අන්‍යයන් ගැන මා සිතන නිසා මගේ හිතට තරහ එන්නේ නැහැ. තරහ ගනේ නැහැ.
අනිත් කාරණය තමයි මා නිකම් ගත කරන වේලාවටත් පාරේ යන එනකොට පවා පුරුදු කරන්නේ මෙත්‍රී භාවනාව.
ඉතින් ඒ නිසා කොයිම වෙලාවකවත් මගේ හිතේ තරහ වෛරය වගේ දේවල් නැහැ. හිත නිතරම සතුටින් තියෙන්නේ. ඒ වාගේ හිතේ මෙත්‍රිය වඩනවා.
ඉතින් මගේ ශරීර සෞඛ්‍යට ප්‍රධාන හේතු ඕවා කියල මා විශ්වාස කරනවා.
• 🔴”ගුප්ත විද්‍යාවට” සම්බන්ධ දේවල් “වර්ගීකරණසම්බන්ධ දේවල් පිළිබඳව නොයෙක් අත්දැකීම් මා ලබා තිබෙනවා.
ඒවා අන්‍යයන්ට කිවිවත් විශ්වාස නොකරන්න ඉඩ තියෙනවා.
එසේම නවීනවිද්‍යාව අනුව බොහෝ දේවල් ඇතැම් අය විශ්වාස නොකළත්,
අපේ බණ පොත්වල සඳහන් වන දිව්‍යලෝක, ප්‍රේත ලෝක, නිරය, ආදිය ඇති බවට මා විශ්වාස කරනවා.
මගේ අත්දැකීම් අනුව මට පුළුවන් ඒවා ඇති බව ඔප්පු කරන්න.
• 🔴” කුඩා කල සිටම මට ඇති වූ හැඟීම තමයි මේ බුද්ධ ධර්මය ලෝකයට කියාදෙන්න ඕනෑ කියන එක. ”
යම්තම් ඉංග්‍රීසි පුළුවන් වූ තැන් පටන් මා බොහෝ දේවල් කියෙව්වා, නොයෙක් විෂයයන් පිළිබඳව.
මේ හැම දෙයක්ම මා කියෙව්වේ මොන අදහසකින්ද?
අපේ බණ පොත්වල තියෙන බොහෝ කරුණු ඔප්පු කිරීමට මොනවා හෝ සාධකයක් මේවායින් ලබා ගත හැකිද කියා හිතාගෙනයි.
ඒවා කියවීමෙන් මගේ දැනුම පුළුල් වුණා. ඒවා පිළිබඳව
නොයෙක් දෙනා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මේ නිසා මට පුළුවන් වුනා.
විදියේ ගෞරව ප්‍රශංසා ලබන්න මා තවම උගත්කමින්ටත්, ආධ්‍යාත්මික දියුණුවෙන්වත් සුදුසුකම් ලබාගෙන ඉන්නවා කියා මා හිතන්නේ නැහැ.
• 🔴” මා දැනුම සොයන කෙනෙක්. ”
කොච්චර ඉගෙන ගත්තත් මගේ හිතට මදි. මා හිතන්නේ, මා තවම ශිෂ්‍ය අවස්ථාවෙ ඉන්නෙ කියායි.
බුද්ධ ධර්මය බොහෝ ගැඹුරු දෙයක්. ඒක තව කොච්චර බැලුවත්, එක සුත්‍රය දහස් සැරයක් බැලුවත් අලුත් අලුත්දැනුම් ඇති වෙනවා. කලින් නොආ අදහස් එනවා.
මා ත්‍රිපිටකය කීපවරක් කියවලා තියෙනවා. මට තේරෙනවා ලෝකය පිළිබඳව දත යුතු තව බොහෝ දේ තියෙනවා කියලා. ඒ වගේම ජීවිතය
ගැනත් තව දත යුතු බොහෝ දේ තියෙනවා කියලා.
මා දන්නේ මොනවාද?
මට මේ අදහස නිතර ඇතිවෙනවා. දැනීම පිළිබඳ මා තෘප්තියට පත්වෙලා නැහැ.
කවදාහරි අනාගතයේ ලොවුතුරා බුදුබව ලැබුණත්, එදාටයි මගේ ඉගෙනීම නතර වන්නේ.
ඔය අග්ගමහා පණ්ඩිත ආදී බොහෝ උපාධි මට ලැබුණා. නමුත් අග්ගමහා පණ්ඩිත නොවෙයි නිතම් පණ්ඩිත කියන්නවත් මා කැමති නැහැ. ඒවා පාවිච්චි කරන්න මා කැමති නැහැ.
“සාහිත්‍ය සූරි” “සාහිත්‍ය චක්‍රවර්තී” වැනි උපාධි මට දුන්නා. දුන්න නිසා ඒවා මා භාර ගත්තා, ඒ අයට ගෞරව වශයෙන්, ඒත් ඒවා නමට අගින් එකතු කරගෙන මා පාවිච්චි කරන්නේ නැහැ. ඒවා නිකම්ම ඔහේ තියෙන්න ඇරලා තියෙනවා.
• 🔴”මා බුදුබව පතන කෙනෙක්.”
නමුත් පෘතග්ජනයෝ හැටියට අපි තාමබෝධිසත්ව මාර්ගයට ගියේ නැහැ. ඒක මගේ ප්‍රාර්ථනාවක්.
ඒක මා රහසක් විදියට තියාගන්න දෙයක්. නමුත් මා හුඟක් දේවල් හංගාගෙන හිටියට කතා කොරන කොට එක එක්කෙනා යම් යම් දේ අල්ලා ගන්නවා. ඒවා පත්තරවලත් පොත් වලත් ලියනවා.
එහෙම වුනාම මට තමයි බේරුමක් නැතිවෙනේ.
භාවනා ගැන,
ගුප්ත විද්‍යා ගැන,
චිත්ත ධර්මය ගැන,
වශීකරණය ගැන,
ඔය විදියට නොයෙක් දේවල් ගැන කරුණු අහන්න මාව හොයාගෙන එනවා. එහෙම වුනාම ඉතින් මට මගේ වැඩවලට තියෙන කාලෙ නැති වෙනවා.
• 🔴” සමහරු හිතනවා මා ධ්‍යානයක් ලබාගෙන ඇතැයි කියා. ”
අනේ නෑ.
පොත්පත් ලියමින්.
පත්තරවලට ලිපි ලේඛන ලියමින්,
බණ කියමින්,
මිනිසුන් වෙනුවෙන් වැඩ කරමින්
අවිවේකීව ඉඳගෙන,
කොහොමද ධ්‍යාන වඩන්නේ?
ඒ නිසා මහණකමට උවමනා විදියට බණ භාවනා කරගෙන ඉන්නවා.
ධ්‍යාත මාර්ගවල ඒවා නැහැ.
එතැනට කිට්ටුවෙන්න තවම අපට බැහැ.
නමුත් භාවනා කරන කොට ඉන් මෙහා පැත්තේ යම් යම් ශක්තීන් සිතේ ඇති වෙනවා. මා එවැනි අත්දැකීම් ලබා තිබෙනවා. නමුත් ඊට එහා යන ආශ්චර්යවත් දෙයක් මා තුළ නැහැ.
ඒ නිසා විවිධ චරිත කතා ලියා ගෞරව සත්කාර කරන්න තරම් ලොකුකෙනෙක් නොවෙයි මා.
• 🔴” මම පරිත්‍යාගයට බොහොම කැමතියි. ”
මම නොයෙක් විදියේ පරිත්‍යාග කරලා තියෙනවා. ඒක මට පොඩි කාලේ ඉඳලම හුරුයි. මම නොයෙක් විදියේ පින්දහම් කරල තියනවා. තව තවත් කරනවා.
එහෙත් ඒ අතර මට අමතක නොවන සිද්ධි දෙකක් තියෙනවා.
• 🔵මා ඉස්කෝලේ යන කාලේ අපේ වෙළඳ සැලේ දොරකඩට ආවා දෙමළ හිගනගැහැනියකුත් එයාගෙ අවුරුදු 10ක් විතර වුණ කොලුවෙකුත්.
ඒ කොලුවාගේ එක ඇහැක් නැහැ. හරිම අපිරිසිදුවට තමයි හිටියේ. ඉතින් මට ඒ කොලුවා දැක්කම හරියට කණගාටු හිතුණා. එතකොට මට වයස අවුරුදු නවයක් විතර ඇති.
මං හිටියේ ඒ කඩේ භාරකාර ආතා ලග.මන් ආතට කිව්වා “ආතේ අර ළමයාට හරියට පොරවන්න එකක්වත් නැහැ. මගේ බ්ලැන්කෙට්ටුව මා එයාට දෙනවා කියල, මට තිබුණු හුගක් වටිනා ගණ රෙදිවලින් කරපු බ්ලැක්වටුවක් මා අර විදියට කිවවාම ආතා කිව්වා, ආ ඒක උබේ කැමැත්තක් කියලා.
මං ඒක අකුලලා ගෙනත් අර ළමයාට දුන්නා. ඉතින් මට බොහොම පින් දිලා ඒ දෙමළ අම්මය ළමයයි යන්න ගියා. එදා මා ගත කළේ බොහොම ප්‍රීතියෙන්.
• 🔵”තවත් සිද්ධියක් කියක්නම්.
මා ආනන්ද කොලීජියේ උගන්වන කාලේ හලාවත මාදම්පේ පැත්තේ බණකට යන්න සිදු වුණා.
මා බණට ගිහින් පහුවදා උදේ ස්ටේෂමට ආවා. රේල්ලුවට නගින්න.
අනේ ටේෂමේ ඉන්නවා මහා කිළුටු සිවුරක් පොරව ගත්ත වයසක හාමුදුරු කෙනෙක්.
ළඟට ගිහිල්ල මා ඇහුවා මොකද හාමුදුරුවනේ මෙච්චර කිළුටු දිරාපත් සිවුරක් පොරවගෙන ඉන්නේ කියලා.
” අන්නේ ආයුෂමතුනි, අපි දුප්පත් උන්නාන්සේලා අපට ඉතින කොහෙන් හම්බවෙනවාද? ”
මට තේරුණා මේ පිටිසර බොහොම දුප්පත් හාමුදුරු නමක් බව. මා කිව්වාම හාමුදුරුවන් සිවුර මට දෙන්න, මගේ සිව්ර හාමුදුරුවන් පෙරවා ගන්න කියලා. මා පොරවගෙන ගියේ හොද අලුත් සිව්රක්. අපි දෙන්නා සිව්රු මාරු කරල පොරවගත්තා.
ඉතින් ඒ හාමුදුරුවන් මට ඒ වෙලාවේ හුගාක් පින් දුන්නා. ඒ පරණ සිවුර පොරවාගෙන රේල්ලුවේ නැගිලා ආවා. ඒක පොරවගෙන ආවත් ඒක හරිම අපිරිසිදුයි. කොලේජියේ කාමරේට ඇවිත් ඒක අයින් කරලා ඇඟ හෝදාගෙන වෙන එකක් පොරවගත්තා
” ඉතින් මට ගිය විශේෂ සිද්ධි දෙක නිතර මතක් වෙනවා.අනික් දිම් කොච්චර කරල තිබ්බත් ඒවට වැඩියෙන් මේ දීම් උසස් කියලා මට හිතෙනවා.
• 🔴”මා නිතර හිතන දෙයක් තමයි මා තනියි කියන එක.”
කවර තැනක හිටියත් මට ඒ ස්ථානය ගැන ඕනෑ කමක් නැහැ. කොතනදී උණත් මා ඉන්නේ හැමවිටම යන්න ලෑස්ති වෙලා. ඉන්න ලෑස්තියක් නැහැ.
මට රටේ කොතනත් ඉන්න පුළුවන්. කන්න දෙයක් නැත්නම් කොළ ජාති කාලා හරි ඉන්න පුළුවන්. මගේ ජීවිතය හුරුවෙලා තියෙන්නේ ඒ විදියටයි.
ඒ නිසා මට අහවලා තරහ වෙයි කියලා බයත්වත්, අහවලා පහදවා ගන්න
ඕනෑ කියන ඕනෑ කමක්වත් නෑ. මේ නිසා මට බොහොම පාඩු සිදුවෙලා තියෙනවා. සිදුවෙන්නත් පුළුවන්. ඒත් මා ඒවා
සන්තෝසෙන් ඉවසනවා.
එහෙම නැතුව ලොකු ලොක්කන් සතුට කර ගත්තා නම් මා ඉන්නේ මේ උඩුමුල්ලේ පන්සල මාලිගාවක් කර ගන්න මට ඉඩ තිබුණා. මා පන්සල හදල දෙන්න කිසි කෙනකුට කිව්වේ නැහැ. බළන්ගොඩ බොහොම පොහොසත්.
මා කිව්වොත් දහස් ගාණක් වියදම් කරලා මේවා හදලා දෙයි. එහෙත් එහෙම බැඳීම්වලට මා කැමති නැහැ.
• 🔴” මා බොහොම උත්සාහ කරනවා හිත පිරිසිදුව තබා ගන්න.”
ලේසියෙන් ප්‍රිය සම්මත දෙයක් දෙසට මා නැමෙන්නේ නැහැ. හරිම ලස්සණයි කියන මොනම රූපයක් හරි මට දකින්න ලැබුණාම මට පේන්නේ ඒකේ දොස් පැත්ත.
එය තුළින් ඇට සැකිල්ලක්. මේ ඇටසැකිල්ල වටේට්ට ලේ මස් ගොඩක් එකතුවෙලා ඒක හමකින් වැහිලා තියෙනවා නොවේද යන්න තදින් මගේ හිතට කාවැදුණ අදහසක්. ඒ විදියටයි මට ඒ පේන්නෙත්. ඒක නිසා මගේ හිත බොහොම ආරක්ෂා වෙනවා.
ඒ වගේම කෙනකු නිග්‍රහ කළත්, හෙළා දැක්කත් ඇටසැකිල්ලක් කෙරෙහි මා තරහ ගන්නේ මොකටද කියලත් මට හිතෙනවා ඒ නිසා කෙනකු ගැන මට තරහව නැතිව වෙලාවක් මතක නැහැ.
🔴” හැබැයි ඉතින් මගේ එක දුවල කමක් තියෙනවා, කිසිම කෙනකුගේ බසට නොනැමෙන ගතිය. ”
බොහෝ දෙනා නොයෙක් දේ මට කියනවා. මා විරුද්ධව වාදයට යන්නේ නැහැ. කතාව කොට කිරීමට ඒවා පිළිගත්තා වගේ අඟවනවා. ඒ වුණාට මා ඒවා සිතින් බාර ගන්නේ නැහැ. ඉස්සර ඉඳන්ම හැමදාමත් එහෙමයි.
බොහෝදෙනා හිතාගෙන ඉන්නවා මා බොහොම ලේසියෙන් රවටා ගන්න පුළුවන් කියලා. ඒක ඔවුගේ මුළාවක්. මට හිතුණු එකයි මා කරන්නේ .”
• 🔴” රටේ පාලන ක්‍රමයට ඇඟිලි ගහන්න මා කැමති නැහැ ”
තනතුරු පත් කරනවා ඇත් යම්කිසි ක්‍රමයකට වෙත්න ඇති.
යාළු මිත්‍රකම්වලට හෝ,
පිළිකන්නෙත් ගිහිල්ලා හෝ,
එක එක්කෙනා පොළඹවලා හෝ, නුසුදුස්සන් තනතුරුවලට පත් කරන්න උත්සාහ ගන්නවානම් ඒක බරපතළ වරදක්.
රජයේ ඇමතිවරුන් යම් යම් පරික්ෂණ කරලයි ඒ ඒ අය තනතුරුවලට පත් කරන්නේ. ඒක වෙනස් කරන්නේ මා කරුණු කියන්න යෑම හරි නෑ.
නමුත් මිනිසුන්ට මේ කාරණය කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. නැවත නැවත කන්නලව් කරනවා.
• 🔴” මට අනුන් කෙරෙහි විශ්වාසය බොහොම අඩුයි. ”
මේක මගේ දුර්වල කමක්ද මා දන්නේ නැහැ. ඒ නිසා කාටවත්ම මගේ බැඳීමක් නැහැ. කෙනකු කොච්චර මට පැහැදීම දැක්වුවත් මා ඒ ගැන උපේක්ෂක වෙනවා.”
”මට නිතර මතක් වෙන දෙයක් තමයි සංයුත් සගියේ අර ලාභ සත්කාර කීර්ත ගැන ආශා කිරීමේ වැරැද්ද බුදුහාමුදුරුවන් වදාරල තියෙන හැටි.
ඒවට වහල් වීමේ දෝෂ කියලා, උපේක්ෂක වීමේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නල දීල තියෙනවා.
අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ චරිතාපදානයෙන් – අන්තර්ජාල උපුටා ගැනීමකි