27 C
Colombo
18/01/2025

චම්පික රණවක ඇතුළු පිරිසක් ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙති

Share with your friends :

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම ධුරයෙන් හා ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබේ.
පාඨලී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ඇත.
ජාතික හෙළ උරුමයේ නව සභාපතිවරයා ලෙස පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝද, මහා ලේකම්වරයා ලෙසබන්දුල චන්ද්‍රසේකර මහතාද පත් කර තිබේ.
ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල, එම පක්ෂයේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ යන අයද සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

Share with your friends :