මගේ පලවෙනි ලිපිය අවසන් කලේ අවසන් කලේ ආර්ථිකය පද්ධතියක් බවට හඳුන්වාදීමෙන්, එය අසමතුලිත පද්ධතියක් (Disequilibrium system) බව මා කියා සිටියා, ඒ පද්ධතියේ හැසිරීම අමුතුයි.ආර්ථිකයේ එවැනි හැසිරීම් තේරුම් ගත විට රාජ්‍ය පාලනය පහසු වෙනවා,
කවුරුත් දන්න කේන්ස් (Keynes) කියන ආර්ථික විද්‍යාඥයා කිව්වා ව්‍යාපාරිකයන් ලාභ ලබන්නේ නැතිනම් මෙම ආර්ථිකය නමැති පද්ධතිය කරදරයක් නැතිව පවත්වා ගෙන යන්න බැහැ කියලා ‘ඒක ඇත්ත , හැබැයි කේන්ස් කියලා තිබුනේ නැහැ සර්ව ආර්ථික පද්ධතිය අර්බුදයකට ගිය වෙලාවට සියලු දෙනාම එක්ව ගෙවතු වග කිරීමෙන් ගොඩ යන්න පුළුවන් කියලා , ගෙවතු වගාවෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ, අමාත්‍යංශයක් හරහා බීජ පැකට්ටු බෙදා ගෙවතු වගාව දිරිමත් කරන්න එහි වරදක් නැහැ.
හැබැයි රජයක් හැටියට නිතරම කල්පනා කල යුත්තේ රටේ විකිණිය හැකි නිෂ්පාදිතය (Sellable Output) ව්‍යවසායකයන්ට ලාභ ලැබෙන පරිදි දිරිමත් කරන්නේ කොහොමද කියලා, ජාතික ” Current Account” එක ස්ථාවර වන පරිදි “Sellable Output” එක ක්‍රමයෙන් වැඩි කරගන්න පුළුවන් නම් රටේ ආර්ථිකය ගොඩදාගන්න පුළුවන් , මේ කියන “Sellable Output” එකෙන් තමයි රටේ ප්‍රාග්ධනයටත් සහ ගෘහස්ථ පරිභෝජනයටත් (Household Consumption) මුදල් වෙන් වෙන්නේ . කොයි ආකාරයට එකතු කිරීම් කලත් රාජ්‍යය බදු සඳහා මුදල් ගලා එන්නේ ගෘහස්ථ පරිභෝජනයට වෙන් වෙන මුදල් වලින් . සමහර විටෙක ව්‍යාපාර වල ලාභාංශයෙන් බදු අය කෙරෙනවා , නමුත් එසේ අය කෙරෙන්නේත් ගෘහස්ථ පරිභෝජනයට අදාළ නමුත් ගෙවා නොමැති මුදල් වලින් කොටසක්, මේ සියල්ලෙන් අදහස් වෙන්නේ රටේ “Sellable Output” එක වැඩි කරගත යුතු බවයි. එවිට ප්‍රාග්ධනය වශයෙන් ආයෝජනයටත්,ගෘහස්ථ පරිභෝජනයටත් සහ රජයේ බදු ආදායමටත් වෙන් වෙන අරමුදල් ප්‍රමාණය වැඩි වෙනවා මෙසේ වූ විට ආර්ථිකය නමැති පද්ධතිය කරදර අඩුවෙන් කළමනාකරණය කර ගන්න පුළුවන් , මෙහි පළමු කොන්දේසිය කුමක්ද ? ව්‍යවසායකයන් ලාභ ලැබිය යුතුය, කේන්ස් නමැති ආර්ථික විද්‍යාඥයා කියන්නේ එහෙමයි.හැබැයි ව්‍යාපාරිකයන් ලාභ ලබන්න ඔහුට අනුව කොන්දේසි දෙකක් ඉටුවෙන්න ඕන.කේන්ස් කියපු කොන්දේසි දෙක මුලින්ම බලමු.
1.ඉතිරි කිරීම් ආයෝජනයට යෙදවිය යුතුයි.
2.එම ආයෝජන වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ක්ෂණිකව පරිභෝජනයට (Immediate Consumption) එකතු නොවිය යුතුයි.
බොහෝ ආර්ථික විද්‍යාඥයෝ ඉහත දෙවන කොන්දේසිය මග හරිනවා නැතිනම් නොදැනුවත්ව මග හරිනවා. මෙම කරුණ ඉතා වැදගත්, උදාහරණයක් වශයෙන් අපි හිතමු ඉතිරිකිරීම් සියල්ල ආයෝජනය කරලා , නිෂ්පාදනය කරන භාණ්ඩ සහ සේවා ක්ෂණිකව පරිභෝජනයට එකතුවෙනවා කියලා , එවිටත් “Sellable Output” එක වැඩිවෙනවා. නමුත් එහෙම වුනත් ව්‍යාපාරිකයෝ පාඩු ලබනවා ඉහත දෙවන කොන්දේසියට අනුව,මේ ආර්ථිකය නමැති පද්ධතියේ ස්වභාවය මෙයකාරයි, හරිම අමුතුයි.
– මතු සම්බන්ධයි –
හේම සේනානායක
(හේම සේනානායක සර්ව ආර්ථික විද්‍යා පර්යේෂකයකු වන අතර ඔහු 2011 වසරේ සිට ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකි.ඔහු ලෝක ණය අර්බුදය සම්බන්ධයෙන් විශේෂ හැදෑරීම් සිදු කර ඇත්තෙකි.)
පළමු කොටස –
ජනාධිපතිතුමනි – ආයුබෝවන් !