එකසත් රාජධානියේ හා රුසියාවේ විද්‍යාඥයෝ තමන් නිපදවූ වැක්සීනයන් මිශ්‍ර කිරීම මගින් කොරෝනා වයිරසයට වඩා වැඩි ප්‍රතිශක්තියක් ඇති කර ගත හැකි නව වක්සීනයක් නිපදවිය හැකිදැයි යන්න සොයා බැලීම සඳහා පර්යේෂණ ආරම්භ කර තිබේ.
මේ අනුව එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රා සෙන්කා වැක්සීනය සහ රුසියාවේ ස්පුට්නික් V වැක්සීනය මිශ්‍ර කෙරෙන අතර එය රුසියාවේදී අත්හදා බැලීම සිදු කෙරේ. මේ මගින් වඩා වැඩි ප්‍රතිශක්තියක් සහිත නව වැක්සීනයක් නිපදවා ගැනීම රටවල් දෙකේම විද්‍යාඥයින්ගේ අපේක්ෂාව වී තිබේ.
මෙම වැක්සීන දෙකේම ජානමය සමානකම් සහිත බැවින් වඩාත් ඉහල ක්‍රියාකාරිත්වයක් මෙම සම්මිශ්‍රණය මගින් ලබා ගත හැකි වෙතයි විද්‍යාඥයින් විශ්වාසය පළකර තිබේ.