27 C
Colombo
24/11/2024

සුරා බදු කොමසාරිස් තෑගිත් අරන් විශ්‍රාම යයි – නිලධාරීන්ගෙන් විරෝධය

Share with your friends :

හෙට (11) විශ්‍රාම යන සුරා බදු අධ්‍යක්ෂ ජනරාල් ඒ.බෝදරාගම මහතා විශ්‍රාම යාමට පෙර ත්‍යාග දීමනා ලෙස රුපියල් 337,000 ක මුදලක් ලබා ගෙන ඇතැයි සුරා බදු නිලධාරීහු පවසති.පසුගිය අප්‍රේල් මාසයේ සිට සුරා බදු නිලධාරීන් වෙනුවෙන් මෙම ත්‍යාග දීමනාව නවතා දමා තිබේ. එසේ නවතා දමා ඇති ත්‍යාග දීමනාව මොහුට පමණක් මෙසේ ලබාදීම සම්බන්ධයෙන් සෙසු නිලධාරීහු දැඩි විරෝධය පළකරති. එසේම මොහු විශ්‍රාම යාමට ආසන්නයේ සිදු කල කටයුතු සම්බන්ධයෙන් චෝදනා රැසක්ද එල්ලවී තිබේ.

Share with your friends :