මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර දමන්නට ජනාධිපති ලේකම්වරයා දරන උත්සාහයට විදුලි ඉංජිනේරුවන්ගේත් විරෝධය පළකර තිබේ.මේ වන විට මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඉල්ලා අස් වී තිබේ. එහි සාමාජිකයන් සියලු දෙනාගෙන් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ වන විට භාරදී තිබේ.කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමත් සමග එය මේ වන විට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබේ.
මේ අතර බොහෝ පාර්ශව බිය පළකරන්නේ පුද්ගලික ආයෝජකයන් සමග ඉතාම අධික මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ සලසා ගැනීමට ඇති බාධාව මෙම කොමිසම අහෝසි කර දැමීමේ උත්සාහය බවයි.ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් එම කොමිසම අහෝසි කර දමන ලෙස මහා භාණ්ඩාගාර ලේකම් වරයාට යොමු කරන ලද ලිපියක් හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය දැක්වූ අතර ඒ සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර ඇමතිවරයා ලිඛිතවම අගමැතිවරයාට පවා දන්වා තිබේ.
previous post