27 C
Colombo
19/01/2025

ආසාත්මිකතා ඇත්නම් නව කොරෝනා එන්නත අවදානම් ?

Share with your friends :

ඖෂධ, ආහාර හෝ එන්නත් වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර්-බයෝටෙක් එන්නත ලබා නොගත යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් දැනුම්දී තිබේ.
එන්නත ලබාගත් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවකයින් දෙදෙනකුට ආසාත්මිකතාවයන් ඇතිවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර තිබේ.
නව එන්නත ලබාදීමෙන් සුළු වේලාවකට පසු මොවුන් දෙදෙනා ආසාත්මිකතා රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර ප්‍රතිකාර වලින් පසු මේවනවිට සුවයෙන් පසුවන බව බලධාරීහු පවසති.
මොවුන් දෙදෙනාටම ආසාත්මිකතාවයන් සම්බන්ධ ඉතිහාසයක් ඇති බව හෙළිවී තිබේ.
ෆයිසර්-බයෝන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යයේ රෝහල් සායන වලදී ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

Share with your friends :