27 C
Colombo
19/01/2025

ලක්ෂ 169 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට

Share with your friends :

රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී තිබියදී රුපියල් ලක්ෂ 169 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට රැගෙන යාම සම්බන්ධයෙන් සමාජය තුල දැඩි විරෝධයක් ඇතිවී තිබේ. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් ප්‍රධාන පෙලේ රජයේ නිලධාරීන් කීපදෙනෙකුම සඳහන් කලේ අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යංශය සඳහා කොළඹ නගරය තුල හා තදාසන්න ප්‍රදේශවල අධිකරණ අමාත්‍යංශය පවත්වා ගෙන යාමට රජයේ ගොඩනැගිලි අවශ්‍ය තරම් ඇති බවයි.
ලක්‍ෂ 169ක් මාසික කුලියකට අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොටසක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැගෙනහිර කුළුණේ 20 21 22 සහ බටහිර කුළුණේ 22වන මහලේ වර්ග අඩි 35000 මෙසේ කුලියට ගැනීමට නියමිතය.
2021 ජනවාරි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා මෙම කාලයට අදාළ ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ සදහා රුපියල් කෝටි 41ක මුදලක් වැය වන අතර ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට අධිකරණ අමාත්‍යාංශය එම ස්ථානය පිහිටුවීම සිදු කෙරේ.
මේ අතර අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ අදාළ කුලිය ගැන තමන් නොදන්නා බවත් අමාත්‍යංශ නිලධාරීන් අදාළ තීරණය ගෙන ඇති බවත්ය. විසිවන සංශෝධනය නිසා වැඩිවුණු විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාවට ඉඩකඩ ලබාදීම සඳහා මෙම පියවර ගත් බවත් ඉදිරියේදී ඉදිකෙරෙන නව අධිකරණ සංකීරණ ගොඩනැගිල්ලට පසුව නැවත අධිකරණ අමාත්‍යංශය ගෙන එන බවත් අලි සබ්‍රි ඇමතිවරයා පැවසීය.

Share with your friends :