කතානායක නිලනිවසේදී හෙට පැවැත්වෙන සාදයක් සඳහා කොරෝනා පාලන නීතිරීති උල්ලංඝනය කරමින් 500 කට පමණ පිරිසකට ආරාධනා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙය පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කෙරෙන සාදයයි.කොවිඩ් වසංගතය නිසා උත්සවයකට සහභාගි විය යුතු ප්‍රමාණය 50 ත් 100 ත් අතර පිරිසක් පමණක් බවට සෞඛ්‍ය අංශ නියමකර තිබේ.
මෙම සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු,න් 225 දෙනාට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටද ඇරියුම් කර ඇති බව පැවසේ.මේ සඳහා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් දැනටමත් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටිති.
මෙම උත්සවයේ සැරසිළි කටයුතු වෙනුවෙන් දිවයිනේ ප්‍රසිද්ධ මල් අලෙවිකරන සමාගමකින් රුපියල් ලක්ෂ ගණනක වටිනාකමකින් යුත් මල් සහ අනෙකුත් සැරසිළි උපාංග ඇණවුම් කර තිබේ. මීට අමතරව කාර්යමණ්ඩලයේ අයද ඇතුළුව 700 දෙනකුට පමණ රාත්‍රී ආහාර ඇණවුම් කර ඇත.
මෙම සාදය සඳහා රටේ ප්‍රධානීන් ගණනාවක් සහභාගිවීමද අනතුරු දායක තත්වයකි.