ආර්ජන්ටිනාවේ නව මුදල් නෝට්ටු සඳහා ඩියාගෝ මැ රඩෝනාගේ රූපය යොදාගත යුතු බවට එරට සෙනෙට් සභිකයකු විසින් ආර්ජන්ටිනාවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ආර්ජන්ටිනාවට 1986 පාපන්දු ලෝක කුසලානය දිනාදුන් ඩියාගෝ මැරඩෝනා පසුගියදා අභාවප්‍රාප්ත විය. නොර්මා ඩුරන්ගෝ නමැති සෙනෙට් සභිකයා විසින් මෙම යෝජනාව ගෙන විත් තිබේ. එරට මුදල් ඒකකය වන පෙසෝ දහසේ මුදල් නෝට්ටුවේ එක පැත්තක මැරඩෝනාගේ රූපයත් අනෙක් පැත්තේ ඔහු ලබාගත් වඩාත් ජනප්‍රියවූ ගෝලයේ රූපයත් මුද්‍රණය කල යුතු බවට ඔහු යෝජනා කර තිබේ.
එසේම මරඩෝනා ගේ රුව රැගත් මුද්දර නිකුත් කලයුතු බවටද ඔහු යෝජනා කර තිබේ.මේ හරහා එරටට සංචාරක ආකර්ශනයක්ද ඇති කර ගත හැකි බව ඔහු විසින් සඳහන් කර තිබේ.මරඩෝනා ඒ තරමටම ලොවපුරා ජනප්‍රිය අතර ආර්ජන්ටිනාවේ ප්‍රධානතම සලකුණ එනම් සන්නාමය ලෙස මරඩෝනා ඉදිරියේදීත් භාවිත කිරීමට යෝජිතය.
previous post