දින විස්සක් වයසැති කුඩා බිළිඳෙකු කොරෝනා රෝගයෙන් මිය ගොස් තිබේ. මෙරටින් වාර්තා වූ ළාබාලතම කොරෝනා මරණය මෙයයි.
එම මරණය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුව ඇති අතර නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීමෙන් මරණය සිදුවී තිබේ.
තොටළඟ ප්‍රදේශයේ ජීවත්වූ එම බිළිඳා දැඩි අසනීප තත්ත්වය හේතුවෙන්කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණි.
පසුව සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් තහවුරු වී ඇත්තේ එම බිළිඳාට කොවිඩ් වැළඳී ඇති බවය.
බිළිඳාගේ මව්පියන්ට කොවිඩ් ආසාදනය වි නොමැති බව ඔවුන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනාවරණ වි ඇත.
