පසුගිය රජය සමයේ සිදුවූ ඇතැම් දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් වත්මන් රජය තවමත් කිසිදු පියවරක් ගෙන නැතැයි බොහෝ පුද්ගලයෝ චෝදනා කරති. අදාල් කමිටුව මුලින්ම පිහිටවූ අවස්ථාවේ ඊට ඉදිරිපත්වූ ඇතැම් පමනිලි සම්බන්ධයෙන් තවමත් විමර්ශන හෝ ආරම්භවී නොමැත. එසේ විමර්ශන ආරම්භ වී ඇත්තේ තෝරාගත් සිද්ධීන් වලට පමණක් බවත් අදාළ සියලු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසටත් එවන් අගතියට පත් පාර්ශව ඉල්ලා සිටිති.
මේ අතර දේශපාලන පලිගැනීම් පිළිබද කොමිෂන් සභා වාර්තාව හෙට (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ට නියමිතව තිබේ.
පිටු 2000 න් යුත් වෙළුම් තුනකින් මේ වාර්තාව සමන්විතය.