2021 ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට යන බව සඳහන්වේ.
සෞඛ්‍ය අංශවල අනුමැතිය පරිදි එය විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් පිළිබඳ තීරණය කිරීමට බලධාරීහු මේ දිනවල රැස්වෙමින් සාකච්ඡා කරන අතර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ විවෘත කළ පසු එහි පැමිණෙන සංචාරකයන් සහ එහි නිලධාරීන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් මාලාවක් සැකසෙමින් පවතී.
කෙසේ වෙතත් ඇතැම් පාර්ශව යෝජනා කර ඇති පරිදි දැඩි සීමා පැනවීම සිදු කළහොත් සංචාරකයන් ශ්‍රීලංකාවට ආකර්ෂණය කර ගැනීමට නොහැකි වනු ඇතැයිද සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන සමාගම් බිය පල කර තිබේ. මේ අතර සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් නියාමනය කරන ප්‍රධාන ආයතනයක ඉහල තනතුරක් දරන කාන්තාවක් ක්ෂේත්රයේ සියලු පාර්ශව අතර ගැටුම් ඇති කර ගැනීම මේ වන විට මෙරට සංචාරක ක්ෂේත්රයටම බලපා තිබේ. විශේෂයෙන්ම ඇය තම පවුලේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා තනතුර යොදා ගැනීම හා නිසි ප්‍රතිපත්තියක් නොමැතිව වරින්වර එක එක පාර්ශවන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා එම ක්ෂේත්රයේ බරපතල ගැටළු ඇතිවී තිබේ. මේ නිසා සංචාරක ක්ෂේත්රයේ ප්‍රබලම සමාගම් කීපයක්ම ඇයගේ මෙම කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රබලයන්ටද පැමිණිලි කර තිබේ.