27 C
Colombo
05/11/2024

මෙල්බර්න් ගුවන්තොට යලි විවෘත කල ශ්‍රීලංකන් ගුවන්යානය

Share with your friends :

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා මාස 5කට පසු අද (07) නැවත ආරම්භ කර තිබේ.
ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද පෙරවරුව් මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්වා තිබේ.
එසේ ආරම්භ කිරීමත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL604 දරණ ගුවන් යානය අද පෙරවරුවේ මෙල්බර්න් ගුවන් තොටුපළට ගොඩබස්වා ඇත.
මෙය පසුගිය ජූලි මස 10 වෙනදායින් පසු මෙල්බර් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානයයි.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අමතරව අද දිනයේ වෙනත් ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට අයත් ගුවන්යානා 8ක් මගින් ගුවන් මගීන් 253දෙනෙකු මෙල්බර් නුවර වෙත පැමිණ ඇත.
කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවය ලොවපුරා විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉතාම අධික මුදල් අයකරන බවටත් සෙසු ගුවන් සේවා හරහා ශ්‍රීලංකාවට පැමිණීමට බලධාරීන් ඉඩ නොදෙන බවටත් චෝදනා රැසක් එල්ලවී තිබේ.
එසේ අය කරන ගාස්තුව සාමාන්‍ය යාමට සහ ඒමට අය කරන ගුවන් ගාස්තුව මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් බව සඳහන්වේ.

Share with your friends :