27 C
Colombo
18/01/2025

ආර්ජන්ටිනාව කොවිඩ් වලින් රට බේරාගන්න සුපිරි ධනවතුන්ට බදු ගසයි

Share with your friends :

ආර්ජන්ටිනාව කොරෝනා වසංගතය වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වියදම් සපයා ගැනීම සඳහා එරට ධනවතුන් පමණක් ගෙවිය යුතු බද්දක් පනවා තිබේ.” මිලියනර්ස් ටැක්ස් ” ලෙසට හඳුන්වාදී ඇති මෙම බද්ද සම්බන්ධයෙන් යෝජනාව ආර්ජන්ටිනා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42-26 ක් ලෙස සම්මත විය. මේ අනුව එරට පෙසෝ මිලියන දෙසීයකට වැඩි වත්කම් ඇති පුද්ගලයන් මෙම බද්ද ගෙවිය යුතුවේ.අදාළ පුද්ගලයන්ගේ විදෙස් රටවල ඇති වත්කම් සඳහාද මෙම බදු අදාළ වේ.
එක්වරක් පමණක් අයකරන මෙම බද්ද ගෙවිය යුතු පුද්ගලයන් 12,000 ක් ආර්ජන්ටිනාවේ සිටිති. මේ වන විට ආර්ජන්ටිනාවේ ලක්ෂ පහළොවක් පමණ කොරෝනා ආසාදිතයන් සිටින අතර මේ වන විට හතලිස් දහසක් පමණ මිය ගොස් තිබේ.
කෙසේ වෙතත් මෙම නව බදු ක්‍රමය එරට බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබේ.

Share with your friends :